දස දහසකින් සේවකයන් වැඩිකළත් ලං.විමේ පොඩි වැඩත් මණ්ඩලෙන් ඈත් කරලා

ඇමති ඩලස් හෙළි කරයි

නව විදුලිය සම්බන්ධතා ලබාදීම, විදුලිය විසන්ධි කිරීම සහ විදුලි රැහැන්වලට හානිවන ගස්වල අතු කපාදැමීම වැනි කටයුතු රැසක් විදුලිබල මණ්ඩලය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම අද (08) පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.

ලංවිම සේවකයන් මඟින්ම ඉටුකර ගැනුණු මෙම කාර්යයන් පෞද්ගලික අංශයට පැවරීමට පෙර මණ්ඩලයේ සේවකයන් 16000 ක් සිටියද අතර පුද්ගලික අංශය විසින් ඉහත කාර්යයන් කරද්දීත් අද සේවක සංඛ්‍යාව 26000 ක් වැඩිවී ඇති බව ඇමැතිවරයා කීවේ බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරී ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

2015 දී රුපියල් බිලියන 2.3ක් වූ විදුලිබල මණ්ඩලයේ පාඩුව 2019 දී බිලියන 85.4 ක් දක්වා ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.


ඩීසල් මගින් විදුලිය ජනනය කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 100 ක් දහනය කරන බව කී ඇමැතිවරයා සියයට 32 ක් වන ඩීසල් ජනනය 2025 වෙද්දී සියයට 5ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බව කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙගාවොට් 300 ක දුව ස්වභාව වායු (එල්.එන්.ජී.) බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම සඳහා මීට සති දෙකකට පෙර කැබිනට් අනුමැතිය හිමිවූ බව පැවැසූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉදිරි වසර තුන තුල මෙගාවට් 600 ක් එල්.එන්.ජී. මගින් විදුලිය නිපදවීමට කටයුතු කරන බවද කීය.

Exit mobile version