දවස් 11 තුළ මරණ 03යි… තවමත් අයෙක් සිහි සුන්ව දැඩි සත්කාරයේ… 28ක් රෝගී වුනා… කඳුළු ගෑස්වල විෂ සහිත මාරක… NPP නීතිඥවරු කඳුළු ගෑස්වල තොරතුරු ඉල්ලති!

මේ වනවිට උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා පොලිසිය විසින් භාවිතා කරන්නෙ ජාත්‍යාන්තරව භාවිතා නොකරන රසායනයන් අඩංගු විෂ සහිත කඳුළු ගෑස් යැයි විශ්වාස කරන බවත්, ප්‍රහාරයට යොදා ගන්නා ජලය සම්බන්ධව ද බරපතල ගැටලු ඇති බවත්, ප්‍රකාශ කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ සඳුන් යාපා කරුණාරත්න විසින් අද පොලිස්පතිවරයාට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් යොමුකරමින් මෙම කඳුළු ගෑස් සහ ජලය සම්බන්ධව වෙන වෙනම පූර්ණ වාර්තාවක් ඉල්ලා සිටියහ.

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඔවුන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ පසුගිය 26 වැනිදා ටවුන් හෝල් අසලත්, පෙරේදා (07) කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අසලත් එල්ල කළ නීති විරෝධී කඳුළුගෑස් ප්‍රහාර පදනම් කරගනිමිනි.

පසුගිය දෙසතිය තුළ පොලිිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයන් අසාත්මික වී පුද්ගල තුන් දෙනෙක් මිය ගිය බවත්, තවත් එක් ඉංජිනේරුවරයෙක් තවමත් සිහි මුර්ජා වී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, 24 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් බවත් පවසන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල පැවසුවේ මේ මාරාන්තික තත්ත්වය කිසිසේත්ම සාමාන්‍ය නොවන බවය.

Sunil-Watagala
ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල

“ අප විශ්වාස කරනවා  කල් ඉකුත්වූ කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාරයක් එල්ල වුන බව.   එහෙම විශ්වාස කරන්න තරම් කරුණු තියනවා. එය නිවැරදිව දැනගන්න අවශ්‍ය නිසා තමයි ප්‍රහාරය එල්ල කළ ජලය සහ කඳුළු ගෑස් සම්බන්ධව වෙන වෙනම ප්‍රශ්නවාලි ඉදිරිපත් කළේ.”


“අපි දැක්කා ඊයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයට අති අමානුෂික ප්‍රහාරයක් එල්ල කළා නීති පීඨයට පැනලා. “

“වෙන පීඨයකට නොවෙයි පැන්නේ. නීති පීඨයට”

එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් මිය ගියා. නිවිතිගල අපේ සහෝදරයෙක් මිය ගියා. ඊයේ ගනේමුල්ලෙ කෙනෙක් මිය ගියා.  පහුගිය සතිය ඇතුළේ තුන් දෙනෙක්  ජීවිතක්ෂයට පත් වුනා. එක්කෙනෙක් සිහි මුර්ජා වෙලා ඉන්නවා. තව 28ක් ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා. “

“මහජනතාවගේ ඉල්ලීම් දෙනව වෙනුවට මේකනම් අනුගමනය කරන ක්‍රමය අපි මේකට ඉඩ දෙන්නෙ නෑ. හරියට ප්‍රශ්නටික පොලිස්පතිට යොමු කළා.”

“මේවට එන උත්තර දිහා බලලා අපි අනිවාර්යයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ සම්බන්ධව රට ඇතුළෙ නීතියට වඩා ජාත්‍යාන්තර නීති ඉතාම ප්‍රබලයි. අපි රට තුළ වගේම ජාත්‍යාන්තර වශයෙනුත් මේ සම්බන්ධව ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. “ නීතිඥවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ එල්ල කරන ජල ප්‍රහාරවලට යොදා ගන්නා ජලය ඇඟට වැදුණ අවස්ථාවේ සිට කැසීමක් හට ගන්නා බවය.

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට ඒ ජලය බේරෙ වැවෙන් ගෙන මාස ගණනක් පල් කළ ජලය බව නීතිඥ සුනිල් වටගල කීවේය. ඒ ජලය පිළිබඳ වාර්තාවක් ඉල්ලුවේත් ඒ නිසා බව පැවසුවේය.

නීතිඥ සඳුන් යාපා කරුණාරත්න ප්‍රකාශ කළේ අවම මරාන්තික අවියක් වූ කඳුළු ගෑස් ශ්‍රී ලංකා පොලිිසය භාවිතා කරන්නේ මාරාන්තික අවියක් ලෙස බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව ඉදිරියට කඳුළු ගෑස් ඔවුන් විසිර යෑමට උත්සාහ කරන විට ඔවුන් වටකොට පසුපස කලාපයටත් කඳුළු ගෑස් ගසන බවත් මේ අන්තර්ජාතිකව කිසිම නියමකට අනුකූල නොවන අමානුෂික ප්‍රහාරයක් බවත් නීතිඥ සඳුන් යාපා පැවසුවේය.

Exit mobile version