දවස් පහක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුව කී බියම කොවිඩ් ආසාදිතයෙක් රෝහලක ඇඳක් නැතිව නිවසේ දී මරුට

death

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවෙස්වල සිදුවන මරණ ආරම්භ වී ඇති බවත් සතියක් තිස්සේ තමන්ට ශ්වසන අපහසුතා ඇති බව කියමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරමින් සිටි බියගම රෝගියෙක් රෝහල්ගත කරගැනීමට නොහැකිව ඊයේ මිය ගිය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

දැන්වත් මේ ඛේදවාචකයේ සැබෑ ස්වරූපය තේරුම් ගත යුතු බව කී ඔහු ඊයේ පමණක් තමන් දැනුවත්ව තමන් බියගම පමණක් නිවෙස්වල කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් වාර්තා වූ බව කීවේය.

මෙවැනි මරණවලින් ඍජු විරෝධතාවය එල්ලවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට යැයි කී උප සභාපතිවරයා අසාධ්‍ය රෝගීන් රෝහල්ගතකර ගැනීමට නොහැකි මට්ටමක් ඇති වී තිබෙන බවත් රටපුරා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් 2300ට බිම් මට්ටමේ සිට කරගත නොහැකි තරමේ රාජජකාරියක් පැවරී ඇතැයි කීවේය

Exit mobile version