රටේ දරුවන්ගෙන් ගෙන් සියයට 17කට මන්ද පෝෂණය…. සියයට 50කට කැල්සියම් ඌනතාවය… වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි!

පාසල් සිසුන් ලක්ෂ 07ක් මන්දපෝෂණයෙන්... රටේ නොපෙනන ව්‍යසනය   පෙනෙන්නට පටන් අරන්...

malnutrition

මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන ආකාරයට  මෙම ජාතික සමීක්ෂණයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇත.

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ නිසි පෝෂණය සහිත ආහාර වේලක් දරුවන්ට ලබා දීමට නොහැකි වීමත්, ජනතාවට ආහාර සීමා කිරීමට සිදුවීමත් මේ තත්ත්වයට හේතුව බව පර්යේෂකයෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මේ වන විට කැල්සියම් ඌනතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්  දරුවන්ගෙන් සියයට 50 ක් පමණ කැල්සියම් ඌනතාවයෙන් පෙළෙන බවත් මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බවයි ඇය සඳහන් කරන්නීය.


Exit mobile version