දර්ගා නගරයේ  දී පන්සලක නාම පුවරුව රැක ගන්න  පොලිස් ආරක්ෂාව යොදන්න වෙයි…

කීර්ති ප්‍රනාන්දු –

බේරුවල දකුණ දර්ගා නගරයේ  ශ්‍රී පුෂ්පාරාම  පුරාණ මහා විහාරයට පිවිසෙන අධිකාරීගොඩ මං සන්ධියේ  විහාරස්ථානය පිහිටි දිශාව දක්වා පිහිටුවා තිබූ නාම පුවරුව පලාත් පාලන ආයතනවල අනුමැතිය සහිතව අලුත් කිරීමට යෑමේ දී විරෝධය පෑ   කණ්ඩායමක් නිසා නාම පුවරුව සවි කර එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සැපයීමට බේරුවල පොලිසියට සිදු වූ පුවතක් බේරුවලින් වාර්තා වේ.

විහාරස්ථානයට දුර දක්වමින් මෙම පැරණි නාම පුවරුව සවි කර තිබුණේ අධිකාරීගොඩ මං සන්ධියේ අධිකාරීගොඩ මුස්ලිම් පල්ලිය නුදුරින් ප්‍රධාන පාරෙහිය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.  කලක සිට මෙම මංසන්ධියේ එම පුරාණ විහාරයට ප්‍රවේශවන දිශාව දක්වා නාම පුවරුවක් ප්‍රදර්ශනය කර තිබිණි. ඒ දුර පළාත්වලින් මෙම   විහාරස්ථානයට පැමිණෙන පිරිස්වල පහසුව සඳහාය.


එම නාම පුවරුව අලුත් කිරීම සඳහා විහාරස්ථ දායක සභාව පළාත් පාලන ආයතනවලින් විධිමත් අවරසරය රැගෙන කටයුතු කිරීමට යෑමේදී මෙම ප්‍රදේශයේ ජීවත්වන දැඩි මතධාරී   පිරිසක් එම පුවරුව සවි කිරීමට විරුද්ධ වී ඇත.

මේ හේතුවෙන් විහාරස්ථ දායක සභාව සිද්ධිය පිළිබඳව  අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව එම ස්ථානයට පැමිණි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න  පුවරුව පිහිටවනවාට  විරුද්ධව වූ පාර්ශ්වයට කරුණු අවබෝධ කරදී  ස්ථානයට පොලිස් ආරක්ෂාව සලසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේත් නාම පුවරුවට පොලිස් ආරක්ෂාව සපයා තිබූ බව මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version