දඹුල්ලේ වැඩේ වෙනුවෙන් ඇමති බන්දුල සහ හිටපු ඇමති හර්ෂ දේශපාලන කඩුල්ලෙන් පනී

පසුගිය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නායකත්වයෙන් දඹුල්ලේ ඉදිකිරීම් ආරම්භ කළ ශ්‍රි ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කිරීම සහිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ගිය හිටපු අමාත්‍යවරයා කටයුත්ත සාර්ථක කර ගැනීමට විපක්ෂයේ සිටියද සහය වන බව සඳහන් කළේය.

එම කටයුත්තට අදාල නිලධාරීන්ට තම අදහස් ලබා දීමට අවස්ථාවක් දෙන ලෙසට වෙළෙඳ අමාත්‍ය බනදුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා ආචාර්ය හර්ෂ ද සිල්වාට ඒ සඳහා අද අවස්ථාවක් සලසා දුන්නේය.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආහාර කොමසාරිස්, ගොවි සමුපාකාර සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්මෙට එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් වන තම අදහස පැහැදිලි කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.


“මා එහිදී අවධාරණය කළේ මෙවැනි කෘෂි ගබඩා ජාලයක් රටේ ඇති කිරීමට මා සැලසුම් සකස් කර තිබූ නිසා දඹුල්ලේ කෘෂි ගබඩාව විවෘත කිරීමෙන් පසුව එම සැලසුමද ක්‍රියාත්මක කරන ලෙසයි. මම පසුගියදා දඹුල්ලට ගියා. එවිට මම රජයට පෙන්වාදුන්නේ මෙහි ඉදිකිරීම්වලට සමගාමීව ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මගේ අදහස් ලබාදීමට අවස්ථාවක් මා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහු අද උදෑසන අවස්ථාව ලබාදුන්නා. එයට මා ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. “ යයිද මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

Exit mobile version