දන්සැල් ලියාපදිංචිය සියයට 75කින් අඩු වෙලා…

ශ්‍රියානි විජේසිංහ –                                             

මෙවර වෙසක්  දන්සැල් ලියාපදිංචි කිරිම සියයට 75කින් පමණ අඩුව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ බොහෝ දෙනෙකු දන්සැල් දීමට ඉදීරිපත් නොවීමට මෙයට හේතුව වී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ    සඳහන් කරයි.

දන්සැල් දීමට ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු මෙවර තමන්ට හැකි අයුරින් නැතිබැරි අයට උදව්උපකාර කිරීමට පෞද්ගලිකව මැදිහත්ව සිටින බව දක්නට‌ ලැබෙන්නේ යැයිද හෙතෙම පැවසුවේය.

සැලකිය යුතු දන්සැල් සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ  ලියාපදිංචි වී ඇති  අතර අඩුම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ උතුරු  පළාත තුළ යැයි ඔහු  පැවසුවේය.


දන්සැල් පවත්වන ස්ථානයන් පරික්ෂා කිරිම ඉදිරි දින දෙක තුළ ආරම්භ කරන බවත් එය දන්සැල අවසන්වන දිනය තෙක් ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්‌ සැලකිය යුතු පිරිසක් අනුයුක්ත කර ඇති බවත් සභාපතිවරයා පැවසුවේය. 

කෙසේ නමුත් මෙම පරික්ෂා කිරීම්වලදී මහජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාරපාන සකස් කිරීමක් හෝ නුසුදුසු ආහාරපාන  හමුවුවහොත් හෝ දන්සැල පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම මේ දිනවන පවතින අධික වර්ෂාව හේතුවෙන් පාචනය පැතිර යන බැවින්  දන්සැ‌ලේ භාවිත කරන ජලය  හා ජලය ලබා ගන්නා මූලාශ්‍රයන් පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරිමට  කටයුතු කරන බවද උපුල් රෝහණ  කීවේය.

Exit mobile version