දඩ කොළයට උරණ වී ටිපර් රථ රියදුරු පොලිස් නිලධාරියෙක් යටකර මරලා

තවත් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ

අණ නොතකා ටිපර් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කලැයි කෝපයට පත් ටිපර් රථ රියදුරෙක් ඊයේ (13) රාත්‍රියේ දී එම ටිපර් රථයටම යට කර පොලිස් නිලධාරීයෙක් ඝාතනය කර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබේ.

ඊ‍යේ රාත්‍රියේ 11ට පමණ සිදු කළ මෙම අපරාධයෙන් පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ එම ස්ථානයේදීමය. අනෙක් දෙදෙනා බරපතල තත්වයෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ටිපර් රථ රියදුරා විසින් මෙසේ සැලසුම් සහගතව අනතුරට ලක් කර ඇත්තේ හක්මන පොලිස් වසමේ, කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකි.


මියගිය පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ලේ පදිංචි 36 වියැති අයෙකි.
අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඒ අය පොලිස් සැරයන්වරුන්ය.

කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වු ටිපර් රථයක් පෙරේදා (13) රාත්‍රියේ නැවැත්වීමට සංඥා කර ඇත.

එවිට පොලිස් අණ නොතකා ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බැවින් මෙම නිලධාරීන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ඒ බව ගමන් කථන මගින් දැනුවත්කර ටිපර් රථය ලුහුබැඳ තිබේ.

අනතුරව මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂාකර ඇත. ලොරි රථය ලුහුබැඳ පැමිණි නිලධාරීන්ද එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් රියදුරුට නිකුත්කර අවවාද කර ඔහුව මුදාහැර තිබේ.

අනතුරුව හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසු මාතර දෙසට අධීක වේගයෙන් පැමිණ මාර්ග බාධකය අසල රාජකාරි යෙදී සිටි ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන් යටකර පලාගොස් ඇත.

පොලිස් නිලධාරීන් යටකර පළාගිය ටිපර් රථය වැලි ප්‍රවාහනයට යොදවා ඇති එකක් බවත් හුංගම සිට වැලි තොගයක් ප්‍රවාහනය කර නැවත හුංගම වෙත යමින් සිටියදී මෙම සිදුවීම වී ඇති බවත් පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටිපර් රථය සමග රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්ද ආරම්භකර තිබුණි.

Exit mobile version