බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඩමස් තොග සමග අල්ලා උසාවි දැමීමෙන් පසු පොලිස් මස් වැද්දන් වනජීවි නිලධාරීන්ගෙන් පන්න පන්න පළිගන්නා හැටි අඩවි නිලධාරියෙක් බලධාරීන්ට ලිඛිතව දන්වයි!

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
dc
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කරුණාකර රාජකාරිය කරන්න පරිසරයක් හදා දෙන්න… දඩමස් අල්ලපු දා සිට දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස්මත හෙනානිගල වනජීවී නිලධාරීන්ටවන ගැහැට පොලිස්පතිට දන්වන්නැයි වනජීවී නිලධාරියා නැගෙනහිර පළාත් වනජීවී ලොක්කාට ලියා දන්වයි…

ඌරු මස් හා ගෝන මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලධාරියෙකු සිවිල් ආරක්‍ෂක නිලධාරීයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමග දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ඇතැම් රථවාහන නිලධාරින් වනජීව නිලධාරීන්ට බලපෑම් හා රාජකාරියට බාධා එල්ල කරන බවත්, ඒ අනීතික කටයුත්ත නතර කරන ලෙසත් දන්වා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් නැගෙනහිර පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

එම ලිපියෙන් ඔහු ඉල්ලා සිටින්නේ මේ අනීතික සහ අශිෂ්ට හැසිරීම පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනසතුන් ආරක්‍ෂා කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා පියවරට අවශ්‍ය රාජකාරි ආවරණය සලසා දෙන ලෙසය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයම්කර ඌරු මස් කිලෝ 17 සහ ගෝන මස් කිලෝ 47 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මැදගම මුවගම්මන ප්‍රදේශයේදී සිවිල් ආරක්ෂක භටයකු, පොලිස් නිලධාරියකු, සහ තවත් පුද්ගලයකු, ඔක්තෝබර් 10 වෙනිදා හේනානිගල වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

එහිදී වෑන් රථයේ හිමිකරු වු දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ පොලිස් සැරයන්වරයකු බව කියන අයෙකු වනජීවී නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගිය අතර ඔහු දින 14 කට පසු ඉකුත් 25 වෙනිදා නීතිඥවරුන් කිහිපදෙනෙකු මගින් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේය, අනතුරුව එම සැකකරුවන් තිදෙනාම දෙසැම්බර් 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල විසින් නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස්මත ඇතැම් රථ වාහන පොලිස් නිලධාරීන් වනජීවී නිලධාරීන්ට මෙන්ම එම නඩුවේ ප්‍රධාන විමර්ශනය කරන තමන්ටද බලපෑම් එල්ල වන අයුරින් ක්‍රියා කරන බවත්, මෙය 2015 අංක 14 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට පටහැනි බවත්, එම පනත ක්‍රියාත්මක කිරීමේ පොලිස් නිලධාරින් එලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් කුමාරසිරි විජේකෝන් සිය ලිපියෙන් දන්වයි.

මාදුරුඔය ජාතික වනෝද්‍යානය මෙන්ම අවට රක්ෂිතයන්හි ජීවත් වන සතා සිවු පාවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේදී තම වනජීවීන් නිලධාරීන් විවිධ අසීරුතා මැද රාජකාරී කරන බවත්, එම සතුන් ආරක්ෂා කිරීම නීති හා සාමය රකින පොලිස් නිලධාරීන්ගේ ද වගකීමක් වන නමුත් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී ජාවාරම්කරුවන්ට පොලිස් නිලධාරින් අනවශ්‍ය උත්තේජනයක් ලබාදෙන බවත් ඔහු පෙන්වා දෙයි. අද වතින තත්ත්වය තුළ වෘක්ෂලතා ආඥා පනතෙන් පැවරී ඇති සතුන් ආරක්ෂා කිරීමේ වගකීමට පොලිස් නිලධාරින් කරන්නේ අකුල් හෙලීමක් බව කුමාරසිරි විජයකෝන් යැවූ ලිපියේ සඳහන්වේ.

මාදුරුඔය හේනානිගල අඩවි ආරක්ෂ කුමාසිරි විජේකෝන් අද (05) මාදුරුඔය උද්‍යාන භාරකරුටත්, අම්පාර වනජීවී කලාප කාර්යායට මෙන්ම නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට ලිඛිතව මේ බව දන්වා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි!

Next Post

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන දී මාට්ටු වුන නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සහ ගබඩා භාරකාර බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් කරයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.