දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් දිනෙන් දින ඉහළට… ඊයේ පමණක් 31ක්

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ  පවසයි. 

ඊයේ (15) දිනය තුළ පමණක් දකුණු පළාතෙන් කොවිඩි ආසාදිත රෝගින් 31 දෙනකු වාර්තා වි ඇති බවද ඔහු පෙන්වා දෙයි. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගින් 20 දෙනෙකු හා අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01ක් රෝගියකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත රෝගින් 07ක්, මාතර නගරසභාව බල ප්‍රදේශයෙන් එක් රොගියකු දෙවිනුවරින් 01 රෝගියකු හා පස්ගොඩින් එක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 324 මාතර දිස්ත්‍රික්කයෙන් 153 නෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 35 දෙනෙකු වාර්තා වි ඇත.  ගාල්ල නාගරික බල ප්‍රදේශය තුළ  පමණක් ඉකුත් සති දෙකක කාලය තුළදි කොරෝනා ආසාදිත රෝගින් 113 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරන නිලධාරියා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පළාතේ පවුල් 1511කට අයත් පුද්ගලයින් 3074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 794කට අයත් පුද්ගලයින් 2011 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින්1054 දෙනෙකු  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්348කට අයත් පුද්ගලයින් 639 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version