දකුණු පලාතේ  කොවිඩ් ආසාදියන් 446ක් දක්වා වැඩි වෙලා…

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 446 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

ඉකුත් 12 වැනි දින දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 34 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා අසාදිත රෝගින් 273 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 140 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා අසාදිත රෝගින් 33 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.

ඉකුත් 12 වැනිදින වාර්තා වු කොරෝනා අසාදිත රොගින් අතුරින් 20 දෙනෙකු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වි ඇති අතර අනික් පුද්ගලයා වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වාර්තා වි ඇත. ගාල්ල  නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 08 දෙනෙකු හා ඉඳුරුව ප්‍රදේශයෙන් 04 දෙනෙකු වාර්තා වි ඇත. අම්බලන්තොට කොට්ඨාසයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රෝගින් 190දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද චාමර මහගමගේ  පවසයි.

Exit mobile version