දකුණට ගෙනා එන්නත් බස්නාහිරට ගැසූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් තනතුරුවලින් ඉවතට

ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීන්ගේ දෙවැනි මාත්‍රාව වෙනුවෙන් යැවූ අස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් ගිය පිරිසකට ලබා දෙන ලදැයි චෝදනාවට ලක් වූ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවා ඇත.

ප්‍රියන්ත ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වෙනුර සිංහාරච්චි දකුණු පළාතේ සෞඛ්‍ය අංශයේම වෙනත් තනතුරකටත් මෙසේ මාරු කර යවා තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.
මේ දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ඉදිරියේදී පවත්වන බව ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව සිද්ධිය ගැන විමර්ශන පැවැත්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ගාල්ලට එවා තිබිණි. එම කණ්ඩායම ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් ඊයේ වන තුරුද පරීක්ෂණ සිදු කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version