තොපි මාෆියා වැඩ කරන්නෙ… 7500 ගත්තු වී ටික දෙනවා ඕයි ඒ ගානට… ඩඩ්ලි මාධ්‍ය මැද මිත්‍රපාලට කියයි

වැඩි මිල ගැන කතා කළ මිත්‍රපාලට ඩඩ්ලි ලුනු ඇඹුල් ඇතිව කියයි...

රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් දෙදෙනෙක් වන අරලිය සහල් ව්‍යාපාරය හිමි  ඩඩ්ලි සිරිසේන සහ වූ නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල අද( 22) මාධ්‍ය ඉදිරියේ සහල් මිල සම්බන්ධව බරපතල ගැටුමකට ගියහ.

ඒ ජනතාවට සහන ලබා දීම සඳහා රජයේ පාලන මිලට මාස තුනක් පුරා සහල් ලබා දෙන්නට ඩඩ්ලි සිරිසේනගේ යෝජනාවට නිව් රත්න සහල් හිමි ලංකෂේවර මිත්‍රපාල එරෙහි වීමත් සමගය.

ජනතාවගෙන් හම්බ කරගෙන දැන් ජීවිතය ව්‍යාපාර කළ ව්‍යපාරිකයන් ලෙස මිනිස්සුන්ට හාල් කිලෝවක් මිල දී ගැනීම ට නොහැකි තත්ත්වයකට පත් වූ විට ලාභ සෙවීම නොකළ යුත්තක් බව පවසමින් දැඩි ලෙස රජයේ සහල් මිල පාලනයට යා යුතු බව කියද්දී මිත්‍රපාල පැවසුවේ ඩඩ්ලි සිරිසේන පවසන මිලට සහල් දිය නොහැකි බවය.

මේ අවස්ථාවේ දී ඩඩ්ලි සිරිසේන දැඩි ලෙස ආවේග ශීලී වූයේය. ඔහු මිත්‍රපාලට පැවසුවේ  මෙසේය.


“ බලු වැඩ කරන්න එපා ඕයි… තොපි මාෆියා වැඩ කරන්නෙ..“

“අපි ලඟ තියන වී පිළිබඳ  සමීක්ෂණයක් කරන්න. නාඩු වී වැඩිපුරම තියෙන්නෙ මිත්‍රපාල ලඟ. මගෙ ලඟ තියෙන්නෙ රටේ ලොකුම මිනිස්සු කන කීරි සම්බා.  හැම එකාම චෝදනා කළේ ඩඩ්ලිගෙ මාෆියාව  කියලා. දැන් උඹලට තේරෙනවද මාෆියාව කාගෙද කියලා. “ ඩඩ්ලි  ඇසුවේය.

“මේ වෙලාවෙ මේ මිලට දෙන්න බැරි නම් මොකාගෙ වී හරි කමක් නෑ රජයට පවර ගන්න ඕන. ඒ වී ටික පොඩි මෝල් හිමියන්ට හරි දීලා කොටලා ජනතාවට දෙන්න ඕන.“

මේ අවස්ථාවේ මිත්‍රපාල පැවසුවේ මේ වනවිට කීරි සම්බා වී මිලටත් වඩා නාඩු මිල ඉහළ ගොස් ඇති බවය. ‘

එවිට    ඩඩ්ලි සිරිසේනගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.  ඔහු ආවේගයෙන් බැණ වදිමින් කීවේ නිපුන, නිව්රත්න, ඇතුළු සියල්ලන්ම එකතු වී සහල් මිල වැඩි කරන බවය.‘

“මුං ඔක්කොම එකට වැඩි කරන්නෙ. වී කිලෝ 64 රුපියල් 7500ට ගත්තු වී තොග මුං ලඟ තියනවා.  මිල වැඩි කරන්න කතා කරන්න එපා. හැම එකාම මාෆියාව ඩඩ්ලිගෙ කිව්වට  වෙළෙඳපලේ සහල් මිල වැඩි කළ වෙලාවලදි අරලිය තමයි අන්තිමට සහල් මිල වැඩි කළේ.‘

“මිත්‍රපාල මහත්තයා එකඟ නැතිනම් රජය මැදිහත්වෙලා වී ටික ගන්න ඕන.   රටේ ජනතාව මේ පාලන මිලට වැඩිය හාල්  ගන්න එපා. මේකට එකතු වෙන්න. රජය කරන උන්ගෙ කොන්ද පණ නැතිනම්  අපි එකතුවෙලා මේක කරමු.“

“රටේ ජනතාවගෙන් අපි මෙච්චර කල් හම්බ කළා. හාල් කිලෝ එක ගන්න බැරි තරම්  වැටිලා ඉන්නෙ. පොලිම් වලට ගියාට පස්සෙ කුලියක් කරගන්න බැරිවෙලා තියෙන්නෙ රටේ මිනිස්සුන්ට.  මේ වෙලාවෙ මොන ලාබ ද?.“

මෙච්චර කල් රටේ මතය ඩඩිල්ගෙ මාෆියාව ද. දැන් කගෙද මාෆියාව… ඩඩ්ලි ඇසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඒ අවස්ථාවය.

 

Exit mobile version