තොප්පිගල ගැට කිඹුල්ලු කටුගස්තොට මහවැලි ගඟේ… හාඩ්වෙයාර් එකකින් වුණු හදියක්?

දුණුමඩලාව රක්ෂිතයේ වැවට කිඹුල් පැටවුන් දෙදෙනෙක් මුදා හැර බරපතල පරිසර ප්‍රශ්නයක් ඇති කළ බවට චෝදනා ලබමින් සිටි කටුගස්තොට ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසල අසලින් ගලා යන මහවැලි ගඟේ අතු ගංගාවකින් කිඹුල් පැටවුන් දෙදෙනෙක් සොයාගෙන ඇති බවත්, එම කිඹුල් පැටව් දෙදෙනා දුනුමඩලාව වැවට මුදාහළ පැටව් දෙදෙනාගේ  වයසට සමාන  බවත් වාර්තා වේ.

මෙම අතුගංගාව මහවැලි ගඟට එක්වන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලට මීටර සීයකට නුදුරෙනි.

සෙයාගත් කිඹුල් පැටවා…

අද උදේ සොයාගත් මෙම කිඹුල් පැටවු දෙදෙනාගෙන් එක් පැටියෙක් අල්ලාගෙන ගම්පල වන ජීවී කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.


තොප්පිගල සිට මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල වෙත ප්‍රවාහනය කර තිබූ වැලි තොගයක් අතර තිබූ කිඹුල් බිත්තරවලින් පැමිණි පැටව් දෙදෙනෙක් දුණුමඩලාව වැවට මුදා හැර තිබුණ අතර දැන් සැක කරන්නේ එම කිඹුල් බිත්තරවිල්  ප්‍රමාණයක් මහවැලි ගඟට දමා ඇති බව යැයි සැක කෙරේ.

මෙවැනි ගැටකිඹුල් බිත්තර කීයක් මෙම ස්ථානයෙක් ගඟට බැහැර කළා දැයි    පරීක්ෂණයක් පවත්වන ලෙස   මධ්‍ය කඳුකරය සුරැකීමේ සංවිධානයේ සභාපති   අමිත් සේනානායක   මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටී.

ගැටකිඹුල් පැටව් දෙදෙනා පසුගිය ඔක්තොම්බර් මස දුණුමඩලාව වැවට මුදා හැරිය අවස්ථාව

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව…

Exit mobile version