තෛපොන්ගල් දිනය දා යාපනයේ දී ජනපතිට විරෝධය දැක්වූ 03ක් අධිකරණයට කැඳවයි!

දිනසේන රතුගමගේ –

තෛපොංගල් දිනය දා යාපනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත් වූ පුද්ගලයින්ගෙන් තුන් දෙනෙකුට ජනවාරි මස 31 වෙනිදා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය අධිකරණය ඊයේ ( 26 ) නියෝග කොට ඇත.

යාපනය පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු වලට අනුව විරෝධතාවයක් සංවිධානය කිරීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගල් ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකුට, අතුරුදහන් වූවන්ගේ සංගමයේ ප්‍රධානියාට සහ තවත් ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයෙකුට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ලැබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනවාරී 31 වෙනිදා මෙම පුද්ගලයින් තුන් දෙනාට එරෙහිව පොලීසිය විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා විභාග කිරීමට නියමිතව තිබේ.


Exit mobile version