තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

වසර 3 කට පසු ඉරාකයේ සිදු වූ පළමු දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වූ ඊයේ දින ජනාකීර්ණ බැග්ඩෑඩ් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් විසින් අද අලුයම කියා සිටියේ තම සාමාජිකයන් දෙදෙනෙකු බැග්ඩෑඩ් මධ්‍යයේ පිහිටි ටයරන් චතුරශ්‍රයේ දී පුපුරුවා ගත් බවයි.


ඔවුන්ගේ ත්‍රස්ත සංවිධානයේ ටෙලිග්‍රාම් සන්නිවේදන නාලිකාවේ පළ කළ නිවේදනයකට අනුව මේ බව වාර්තා කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 110 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

“එක් බෝම්බකරුවෙකු පැමිණ, බිම වැටී, ‘මගේ බඩ රිදෙනවා’ යැයි කීමට පටන් ගත් අතර, ඔහු අතේ තිබූ ඩෙටනේටරය තද කළේය. එය වහාම පුපුරා ගොස් මිනිසුන් කැබලිවලට සුන්වී විසි විය” නම සඳහන් නොකළ වීදි වෙළෙන්දෙක් පවසා ඇත.

ඉරාක අගනගරයේ දිනපතාම පාහේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර 2017 දී ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් පරාජයට පත් වූ දා සිට මෑත වසරවල දී නවතා දමා තිබුණි.

ආරක්ෂාව පිළිබඳ සමස්ත වැඩිදියුණු කිරීමක ප්‍රතිඑලයක් ලෙස බැග්ඩෑඩ් වෙත සාමාන්‍ය ජීවිතය ගෙවීමට හැකි වාතාවරණයක් ඇතිවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් හඳුන්වන අනෙක් නාමය භාවිතා කරමින් සිවිල් ආරක්ෂක ප්‍රධානී මේජර් ජෙනරාල් කදීම් සල්මාන් මාධ්‍යවේදීන් අමතමින් “ඩෑෂ් ත්‍රස්ත කණ්ඩායම් මෙම ප්‍රහාර පිටුපස සිටිය හැකිය. බෝම්බකරුවකු වහලය මත සිට ගෙන සිටි වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.” යනුවෙන් කීය.

Exit mobile version