තෙවරප්පෙරුම මහමැතිවරණ සටනින් ඉවත් වෙයි

ඉදිරි මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉල්ලාඅස්වීමට තීරණය කළ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය (එජාප) කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා පවසා තිබේ.

මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමුවී සාකච්චා කරන බවත් ඊයේ ඔහු ප්‍රකාශ කර ඇත.

තමාට කිසිදිනක එක්සත් ජාතික පක්‍ෂය සමග ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් ඔහු කියා සිටී.


තමන්ට සිදුවන ගැහැටවලට හේතුව සමගි ජනබලවේගය යැයි තමන්ට සිතෙන බවත් අද උදැසන තමන් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා හමුව මෙම තීරණය ගත් බවද තමාට එක්සත් ජාතික පක්‍ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කිසිම කලකිරීමක් නිසා මෙම තීරණය නොගත් බවද වැඩිදුරටත් පැවසීය.

මියගිය තම පුතනුවන්ගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට 06 වනදා රාත්‍රියේ පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තම බිරිඳව තල්ලු කිරීම නිසා ඇය මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළ බවත් පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර කරදර සිදුවන බවත්,තම බිරිය හා පුතණුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් මෙම සිදුවීම් තමා දේශපාලනයේ නිරතව සිටීම හේතු කොටගෙන සිදුවන හෙයින් ඉන් ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version