තෙල් නැවේ ගින්න මෙල්ල වෙයි – නැව ගැඹුරු මුහුදට ඇදීම ඇරඹෙයි

නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින ඉන්දීය අයි.ඕ.සී සමාගම විසින් සේවයේ යොදවන ලද නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වනවිට සෑහෙන දුරට පාලනය කරගත හැකි ව පවතින බවත් ඉන්දීය ටග් යාත්‍රාවක් මඟින් මෙම නෞකාව අද රාත්‍රියේ ගැඹුරු මුහුද දෙසට ඇදීමට පටන් ගත් බවත් ඉන්දීය වෙරළ ආරක්ෂක සේවය ප්‍රකාශ කරයි.

ට්ව්ටර් පනිවිඩයක් නිකුත් කරන ඉන්දීය වෙරළ ආරක්ෂක සේවය පවසන්නේ ගින්න පාලනය කිරීමෙන් පසුව ඒඑල්පී වින්ගර් නම් ඉන්දීය ටග් යාත්‍රාව මඟින් නෞකාව ඇදගෙන යාම අද රාත්‍රි 7.00ට පමණ ආරම්භ කළ බවයි.

මේ වන තුරුත් ශ්‍රි ලංකාවේ සහ ඉන්දීය යාත්‍රා ගින්න පැතිරීම පාලනය කරමින් සිටින අතර ටග් යාත්‍රාව මඟින් මෙම නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදීමට හේතුව එය වෙරළ ප්‍රෙද්ශයට පාවී ඒම වළකවා ගැනීමය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සවස් භාගයේදී මෙම නෞකාව ශ්‍රි ලංකා මුහුදු වෙරළට නාවික සැතපුම් 22ක් පමණ දුරට පාවී පැමිණ තිබූ අතර එය ඒ වනවිට කිලෝ මීටර 3කට වඩා ගැඹුරු මුහුදු සීමාවේ රැඳී තිබිණි.

Exit mobile version