තෙල් නැවේ ගින්නෙන් පරිසර හානි වළක්වාගන්න ජනපති-අගමැති මැදිහත් වේ

ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඍජු උපදෙස් මත සියලූ සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියෙන් (MEPA) සිදුවෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ මුලික මැදිහත් වීමෙන් (MEPA) හා සිද්ධි කළමනාකරණ කණ්ඩායම (IMT), වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව ආරක්ෂණ වැඩසටහනක් සිදුකරමින් පවතී.


Exit mobile version