තෙල් ටැංකි ටික ජැටියත් භූමියත් සමග ඉන්දියාවට… බලශක්ති ඇමති පාර්ලිමේන්තුවට එන දා පාර්ලිමේන්තුව වටලනවා!  

පොලියත් සමග ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ණයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ඛනිජ තෙල් ටැංකි පමණක් නොව,  භූමිය, මුහුද සහ ජැටිය ඇතුළු සමස්ථය ඉන්දියාවට පැවරීමට එරෙහිව  දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, බලශක්ති ඇමති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එන දවසට පාර්ලිමේන්තු සංකීර්ණය වටකරන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (07) පැවසුවේය.

ඔහු පවසන්නේ යුගදනවි ගිවිසුම කැබිනට් මණ්ඩලයට නොදැමූ බවට මහා හඬක් නැගූ බලශක්ති ඇමති ගම්න්පිල ඊට නොදෙවෙනි පාවාදීමක් සිදුකර ඇති බවය.

ඔහු මෙසේ ද පැවසුවේය.


“මේක තනිකරම රට පාවා දීමේ ගිවිසුමක්. මේ ගිවිසුමෙන් එක ඩොලර් එකක්වත් ලැබෙන්නෙ නෑ.  ඩොලර් මිලියන 500 ණය ලැබෙන්නෙ පොලිත් එක්ක ගෙවන්න.“

“බිලියන ගණන් වටිනා ඛනිජතෙල් ටැංකි සහ භූමිය මුහුද ජැටිය තමයි ඊයෙ රාත්‍රියෙ ඉන්දියාවට දුන්නෙ.  යුග දනවි හොර ගිවිසුමක්, කැබිනට් එකට දැම්මෙ නෑ කියපු ඇමතිවරයා කැබිනට් එකට නොදා ඊට නොදෙවෙනි හොර ගිවිසුමක් අත්සන් කළා.“

“මීට කලින් විකිණුවා. ඒ ව්‍යාපාර කටයුතුවලට. ඇමතිවරයා රටේ පවතින සමාගම් නීතියට පටහැනිව පට්ට බොරු සහගහන බොරු කියමින් ජාතික ධනය, සම්පත්,  විකිණීමට කටයුතු කරනවා. කිසිසේත් සමාව දිය නොහැකියි. හෙට ඉඳලා අරඹනවා විරෝධතා.“

“කොළඹින් පටන් ගන්නවා.  ඇමතිවරයා පාර්ලිමේන්තුවට එන දවසේ පාර්ලිමේන්තුව වටකිරීමේ උද්ඝෝෂණයක් අරඹනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ගිවිසුම අත්සන් කරමින් ඇමතිවරයා ප්‍රකාශ කලේ මේ අත්සන් කළේ තෙල් ටැංකිවලින් සාතිශය බහුතරයේ පාලනය ලංකාවට ලැබෙන ඓතිහාසික ගිවිසුමක් බවය.

Exit mobile version