තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

Police-in-fuel-shed

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…ඉන්ධන පිරවුම් හල් වල සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් දැඩි විනය නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඊට අදාල ලිඛින උපදෙස් ලබාදීමටද පොලිස්පතිවරයා විසින් පියවරගෙ ඇති අතර එහිදී පිරවුම්හල් අසල රාජකාරී කරනු ලබන නිලධාරීන් අක්‍රමිකතාවල නිතරවන බව වක්‍රාකාරව පොලිස්පතිවරයා පිළිගැනීමක්ද සිදුකර ඇත.

අදාල ලිපියට අනුව මුදල් ලබාගෙන පහසුවෙන් ඉන්ධන ලබාදීමටත් ඉන්ධන එක්රැස් කර අධික මිලට විකිණීම, අධික මිලට ඉන්ධන විකුණන පිරිසගෙන් මුදල් ගෙන ඊට සහය දීම යන අක්‍රමිකතාවල පොලිස් නිලධාරීන් නිතරවන බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

පොලිසියේ මෙම ක්‍රියා හේතුවෙන් පොලිසියට සහ මහජනතාව අතර ගැටුම් ඇති කරගැනීමට පෙළෙඹීමත් මහජන සම්බන්ධතා වලට හානි වීමටත් ඉඩ පවතින බවට පොලිස්පතිවරයා පෙන්වාදී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මුදල් ලබාගෙන පහසුවෙන් ඉන්ධන ලබාගැනීමට ඉඩ දීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමුකළ යුතු බවටද උපදෙස් දී තිබේ. මේ අතර ඉන්ධන වැඩිමිලට විකුණන හා ඊට සහය දෙන පිරිසට ඛණිජ තෙල් නිෂ්පාදන පනතට අනුව ක්‍රියා කළයුතු බවද දැණුම් දී ඇත.

Exit mobile version