තුම්මුල්ල මංසන්ධිය අසල කතරගම යන බස්රියක් ට්‍රක් රථයක ගැටෙයි… 07ක් තුවාලයි!

අද (14) උදෑසන තුම්මුල්ල මංසන්ධිය අසල  සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය නිවේදනය කළේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


බස් රථය සංඥා ලාම්පු නොතකා ඉදිරියට ධාවනය වීම නිසා අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ බම්බලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version