තුනෙන් දෙකේ බලය ගත්ත සිරිසේන සොයුරන්ගේ යහපාලන වැලි කෙළිය

පසුගිය යහපාලන රජයේ අවසන් කාලයේ පොළොන්නරුව මනම්පිටියෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාව මත ලබා දුන් වැලි තොගවලින් වැඩි කොටසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයින්ට අයත් සමාගම් දෙකකට හිමිව ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවත්පතේ ගවේෂණාත්මක වාර්තාකරණ කර්තෘවරිය වන නමිනි විජේදාස විසින් සකසන ලද වාර්තාවකට අනුව 2018 වසරේ මාර්තු මාසයේ සිට 2019 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ රජයට අයත් ජීඑස්එම්බී තාක්ෂණ සේවා සමාගම විසින් නිකුත් කරන ලද මනම්පිටියේ වැලි නිධියෙන් ලබා ගත් වැලි පොලොන්නරුවේ සංවර්ධන ක්‍රියාකාරකම්වලට ලබා දෙන ප්‍රමුඛතාව මත සමාගම් තුනකට ලබා දී ඇති අතර එයින් දෙකක් සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයින්ගේ බව එම වාර්තා සඳහන් කරයි.

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවකට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ ප්‍රමුඛතා යටතේ සමාගම් තුනකට වැලි කියුබ් 13124ක් ලබා දී ඇති අතර එයින් කියුබ් 10949ක් ම ලබා දී ඇත්තේ අරලිය එන්ජිනියරින් පෞද්ගලික සමාගමට සහ කේ.එම්.සී කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමට බව හෙළි වේ.


සෙසු සමාගම වන පොළොන්නරුව ඔරියන්ට් කන්ස්ට්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගම අඩුම කෝටාව වන කියුබ් 2675ක් හිමිව ඇත.පොළොන්නරුවේ ක්‍රියාත්මක වූ පිබිදෙමු පොළොන්නරුව සහ රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘති සඳහා වන ඉදිකිරීම්වලට අවශ්‍ය වැලි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළින්ම සපයා ගත යුතු බවට තීරණය කෙරී ඇති අතර පොළොන්නරුව දිසාපතිවරයාද අදාළ රාජ්‍ය සමාගමට උපදෙස් ලබා දී ඇත්තේ එම වැලි අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව හිමිවිය යුතු බවය. ඒ අනුව මෙම සමාගම් තුනට ප්‍රමුඛතාව හිමිව ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරන් වන ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සමාගම සහ කපිල ගාමිණී සිරිසේන ට අයත් කේඑම්සී සමාගම සාමාන්‍යෙයන් ඉහත කාලය තුළ දිනකට දිනකට වැලි කියුබ් 28ත් 29ත් අතර ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මෙම විගණන වාර්තා හෙළි කරන බව සන්ාඩ් ටයිම්ස් පුවත් පත පවසයි. එ අනුව එම කාලය තුළ ඔවුන් ලබාගෙන ඇති වැලි ප්‍රතිශතය සියයට 83ක් පමණ වෙයි.

Exit mobile version