තුන්වන රැල්ල බාර් වලින් එන්න නියමිතයි… රට තවත් අනතුරේ නොදා බාර් වහන්න..

ශ්‍රියානි විජේසිංහ –  

තුන්ව කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටියි.

මේ වන විට ධීරව ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම සංගමය විශේෂ ඉල්ලීමක් කරන බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

මත්පැන් සහ දුම්පානයන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන සාදකයක් වන බැවින් ප්‍රතිශක්තිය අඩාල වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් බරපතල සංකූලතාවන් මතුවන බව විද්‍යාත්මක තහවුරු කර ඇතැයිද හෙතෙම පෙන්වාදේ.


මේ මොහොතේදී ප්‍රතිශක්තිය අඩාල කරන සාධකයන් වෙත නොයා එය වර්නධය කරන සාධකයන් වෙත ගමන් කිරිමට කටයුතු කළ යුතුබව වෛද්‍යවරයා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්පැන් දුම්වැට් ක්ෂණික , කෙටි, කෘතීම ආහාරයන්ගෙන් ඈත්ව පෝෂ්‍යදායී දේශීය ආහාරයන් වෙත යෑම හා අධ්‍යාත්මික ගුණවගාවන් වර්ධනය කරන කටයුතුවල නිරත වීමට මේ මොහොතේ කටයුතු කරන ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.





Exit mobile version