තීන්දුයි නිවාරණයි… ඇසල මහා පෙරහර 21 දා ඇරඹෙයි….

සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම 21 අලුයම....

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් මෙම මස විසිඑක් වන දින අලුයම 2.26ට යෙදෙන සුභ මොහෙතින්  සිව් මහා දේවාලයන්හි කප් සිටුවමින් ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  ප්‍රකාශ කළේය.

එදින සිට පුරා දින පහක් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන් හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන අතර ජූලි මස 25 වන දින පළමු කුඹල් පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතය.

ජූලි විසි පස් වන දින සිට ජූලි 29 දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා  ප්‍රකාශ කළේය.


ජූලි මස තිස් වන දින පළමු  රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු මස තුන්වන දින දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත යැයි ඒ මහතා කීවේය.

අගෝස්තු මස තුන්වෙනි  පුර පසළොස්වක පොහෝ දින රාත්‍රි අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර විචිත්‍රවත් නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන් ගේ සහභාගීත්වයෙන් මෙවරද පෙරහැර පැවැත්වෙන බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන බවත් රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව එය ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇතැයි  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Exit mobile version