තිලීපන් සමරු උත්සව සියල්ලම නවතී…

දිනසේන රතුගමගේ –

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාව අත් අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උළෙලවල් සියල්ල නවතා දැමීමට තීරණය කොට තිබේ.

මේ අනුව යාපනයේ නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකයේ සියලුම සැරසිලිද ඉවත් කොට ඇති අතර 15 දා සවස් කාලය වන  විට එම ස්ථානය පාලු ස්වභාවයකින් යුත් තැනක් බවට පත්ව තිබුණි.

ආරක්ෂක ලේකම් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් තිලීපන් යනු කොටි නායකයෙකු බවත් ඔහු මියගියේ නිරාහාරව සිටීමෙන් නොව වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බවත් ප්‍රකාශ කිරීමත් සමගම යාපනයේ පොලීසිය තිලීපන් සමරු උළෙලවල් නීති විරෝධී උළෙලවල් බව ප්‍රකාශ කෙරෙන අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.


මේ නියෝගය කඩ කිරීම නිසා අත් අඩංගුවට ගත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයාගෙන් කට උත්තරයක් ලබා ගෙන ඔහුව නිදහස් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් යාපනය පුරාවටම දැඩි ආරක්ෂාවක් 15 දා සිට යොදා තිබේ.

Exit mobile version