තිලීපන් ගුණසමරුව සමග උතුර සීරුවෙන්

දිනසේන රතුගමගේ

තිලීපන්ගේ 33 වන ගුණ සමරුව සදහා උතුරු පළාතේ ස්ථාන ගණනාවක සැමරුම් උත්සව සංවිධානය කොට ඇති නිසා 15 දා සිට උතුරේ ආරක්ෂාව දැඩි කොට ඇතැයි උතුරු පළාත් බාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු පැවසීය.

දෙමළ අරගලය වෙණුවෙන් මාරාන්තික උපවාසයක් කොට මියගිය තිලීපන් දෙමළ ජනයා අතර ත්‍යාගී තිලීපන් ලෙස ජනාදරයට පත්ව ඇති අතර ඔහු මාරාන්තික උපවාසය දියත් කළ යාපනය විශ්ව විද්‍යාලය අසලත් නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකය අබියසදීත් සමරු උත්සව සංවිධානය කොට තිබේ.


1987 සැප්තැම්බර් මස 15 වෙනිදා තිලීපන් විසින් ආරම්භ කරණ ලද මාරාන්තික උපවාසය හේතුවෙන් ඔහු සැප්තැම්බර් මස 26 වෙනිදා මියගිය අතර මේ කාලය සිහිකිරීම සදහා මෙවරද 15 වෙනිදා සිට 26 වෙනිදා දක්වා යාපනය ඇතුලු උතුරේ ස්ථාන ගණනාවකදී තිලීපන් සමරු උළෙලවල් සංවිධානය කොට තිබේ.

මෙම සමරු උත්සව පැවැත්වීම සදහා මේ වන විටත් උතුරේ බොහෝ ස්ථාන වල සැරසිලි සිදු කරමින් පවති.

ඔහු උපවාසය ආරම්භ කලේ උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කදවුරු ඉවත් කිරීමත් එම පළාත්වල සිංහල ජනතාව පදිංචි කරවීම නතර කළයුතු බවත් දෙමළ ජනතාව වෙසෙන පළාත්වලට තාවකාලික රජයක් පිහිටුවන තුරු මධ්‍යම රජය එම පළාත්වල පුනරුත්ථාපන හා සංවර්ධන කටයුතු නතර කළ යුතු බවත් ප්‍රකාශ කරමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රැදවුම්කරුවන් වහාම නිදහස් කළ යුතු බවත් දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතු බවත් තිලීපන්ගේ ඉල්ලීම් අතර විය.

රාසයියා පාර්තීපන් නැමති මොහු උපවාසයෙන් පසුව තිලීපන් ලෙස හැදින්වූ අතර ඔහු මියයාමෙන් පසුව එල්.ටී.ටී.ඊ.සංවිධානය ඔහුව කර්නල් නිලයට උසස් කොට තිබුණි.

තිලීපන් සමරුව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බැනරයක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිලීපන් සිහිකර ඔහුගේ රුවට මල්මාලා පළඳවමින්

Exit mobile version