තිබෙන ඩොලර් ටිකත් ඉවර නොකර වහාම ණය හිමියන් සමඟ සාකච්ඡාවකට යන්න!

ආර්ථික විද්‍යා විද්වතෙක් අර්බුදයට ඉක්මනින්ම ගත යුතු පියවර ගැන කියයි!

* මහ බැංකු අධිපති හිතාගෙන ඉන්න විදිහ වැරදියි

* විශ්වාසය බිඳිල ඉවරයි දැන් ණය හදිසියේ ගෙව්ව කියල වැඩක් නෑ !

* මුලින් රටේ සහ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඩොලර් වැය කළ යුතුයි !


 

 

විදේශ සංචිත හීන වීම නිසා මතුව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ මොහොතේ කල්පනා කළ යුත්තේ රට බේරාගැනීමද නැතිනම් රටට විදේශ ණය ලබා දුන් ණය හිමියන් බේරා ගැනීමද යන්න තෝරා ගත යුතු බවත් මේ මොහොතේ රජය කළ යුත්තේ ගෙවීමට නියමිත විදේශ ණය වේලාවට ගෙවනවා වෙනුවට රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය යාන්තමින් හෝ සමනය කර ගැනීම සඳහා ණය කල් දැමීම බව ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි.

ලංකාසර සමඟ විශේෂ පිළිසඳරකට එක්වෙමින් ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කළේ මේ වනවිට රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය ගෙන්වීමට තරම්වත් ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති පසුබිමක් තුළ රජය ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් වැය කිරීම පසෙක ලා ජනවාරි මාසයේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් මිලියන 500 ගෙවා දැමීමට සූදානම් වන බවයි. එහෙත් එවැනි ණය ගෙවීමක් කිරීමට පෙර අදාළ විදේශ ණය හිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යූහහගත කරණයකට ලක් කළ යුතු බවත් මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ රටේ ජනතාවට සිදුවන පිඩා වළක්වා ගැනීම සහ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය ඩොලර් සංචිත තර කර ගැනීම බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ප්‍රවීන ආර්ථික විද්‍යා විද්වතකු වන ආචාර්ය නිෂාන් ද මෙල් තවදුරටත් සඳහන් කළේ

“ මේ වනවිට රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය දුව්‍ය ගෙන්වීමේ දැඩි දුෂ්කරතාවක් මතුව තිබෙනවා. ඊට හේතුව ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නැති වීමයි. එය අද සෑම අතකටම බලපා තිබෙනවා. එවැනි තත්ත්වයක් පවතිද්දීත් රජය කියන්නේ ඔවුන් ලබන ජනවාරි මාසයේ ගෙවීමට ඇති ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර සෛවරී බැඳුම්කරය ගෙවන බවයි. එය අප ගෙවිය යුත්තේ අපට විදේශ ණයකරුවන්ගේ විශ්වාසය රැක ගැනීමටයි. නමුත් මේ වනවිට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනවලින් ශ්‍රි ලංකාව විදේශ ණය ලබා දීමේදී ආපසු ගෙවීම අවදානම් සහගත රටක් ලෙස වර්ගීකරණය වී තිබෙනවා. ශ්‍රේණිගත කිරීමේ පහළ වැටෙනකොට ඔවුන් තුළ විශ්වාසයක් නෑ.“

“මහ බැංකු අධිපතිවරයා හිතන්නේ ණය වර්ගීකරණ ආයතන අපේ ණය ගෙවීම් සලකලා එනම් පසුපස කණ්ණාඩියෙන් බලල ඉදිරි ණය ගෙවිම් සම්බන්ධයෙන් වර්ගීකරණය කරනවා කියලයි. නමුත් අපි මෙතෙක් ගෙව්ව ණය ඊට අදාළ වන්නේ නෑ. ඔවුන් බලන්නේ ඉදිරිපසින් දුර දක්නයකින් අපේ අනාගත ණය ගෙවිම් හැකියාව කොහොමද කියලයි. එහෙම බැලුවාම අපට ස්ථාවර වන්නට නම් මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණයක් කළ යුතුයි.

මෙවැනි තත්ත්වයකදී අප මූලික වශයෙන් කළ යුත්තේ විදේශ ණය පවතින අයතන සමඟ සාකච්ඡා කර මෙම ණය ගෙවීමේ කාල සීමා කල් දමා ගැනීම හො ණය යළිත් ප්‍රතිව්‍යූහගත කර අපට පහසු පසුබිමක් නිර්මාණය කර ගැනිමයි“ ඔහු පවසයි.

එවැනි ත්ත්වයක් තුළ ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර ණයකරුවන් තුළ විශ්වාසය තහවුරු කර ගන්නා අතරේ මෙරට විදේශ සංචිත තර කර ගැනීමේ හැකියාවක් ලැබෙන බව ඔහු තවදුරටත් පැහැදිළි කළේ ඉක්වදෝරයේ මෑතකාලයේ එවැනි අත්දැකිමකදි මුහුණ දුන් ආකාරයද නිදසුනකට ගෙනහැර පාමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පසුගිය වසරේ මාර්තු මාසයේ ඉක්වදෝර රාජ්‍යයත් අප වගේම විදේශ සංචිත අර්බුදයකට මුහුණ දුන්නා. ඔවුන් වර්ගීකරණ ශ්‍රේණිගත කිරීම්වලින් අවදානම් තත්ත්වයට පහත වැටුණා. ඔවුන් ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග සාකච්ඡා කළා. මේ සාකච්ඡා මාස හයක් වැනි කාලයක් තුළ පැවතුණා. එයින් පසුව ඔවුන්ට එම ආයතන සමඟ ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමේ එකඟතාවන්ට එන්නට හැකිවුණා. මේ නිසාම ඔවුන්ට ශ්‍රෙණිගත කිරීම්වලින් ඉහළට යන්න පුළුවන් වුණා.“ ආචාර්ය මෙල් ලංකාසර සමඟ තවදුරටත් සඳහන් කළේය. .

Exit mobile version