තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

කැන්රිච් ෆිනෑන්ස් ආයතනය තමන් සතුව පවතින තැන්පතුකරුවන්ගේ ස්ථාවර තැන්පතු සහ පොරොන්දු නෝට්ටු ආපසු ගෙවන්නේ තවත් මූල්‍ය සමාගමක් සමඟ ඒකාබද්ධව නව මෙහෙයුම් සිදු කිරීමේ පළමු පියවර අනුව බව එම සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

අද (30) දින මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් පළ කළ නිවේදනයත් සමඟ සමාගම වෙත ලැබී ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම සමාගම් ප්‍රකාශකයා සඳහන් කළේ සමාගමේ ප්‍රාග්ධනය මහ බැංකුව විසින් නියම කරනු ලබන සීමාට වඩා අඩු තත්ත්වයක් තුළ නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගම සමඟ එක්ව නව සමාගමක් බිහි කරන බවය. ඒ සඳහා මේ වනවිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් එමම ප්‍රකාශකයා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව ඔහු තවදුරටත් මෙසේ පැහැදිළි කළේය.

“ කැන්රිච් ෆිනෑන්ස් සමාගම් මෙතෙක් කලක් ශක්තිමත් මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වූවා. පසුගිය වසරේත් සමාගම රුපියල් මිලිය 180ක පමණ ලාබයක් ලැබුවා.


නමුත් මහ බැංකුව විසින් නියම කරන ලද මූලික ප්‍රාග්ධන ප්‍රමාණයට වඩා අප ආයතනයේ ප්‍රාග්ධනය අඩුයි. මහ බැංකු නියමය අනුව මූල්‍ය ආයතනයක් සතුව රුපියල් බිලියන දෙකක අවම ප්‍රාග්ධනයක් පැවතිය යුතුයි. 2018 වසරේදී අපේ සමස්ත ප්‍රාග්ධනය බිලියන 1.8ක පමණ පැවතුණා. නමුත් යහපාලන රජය විසින් ක්ෂ්‍රද්‍ර ණය හිමියන් සඳහා ලබා දුන් බොල් ණය කපා හැරීම හේතුවෙන් අපේ ආයතනයේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 700ක් පමණ අඩු වුණා.

මේ අතරේ මහ බැංකුව මූල්‍ය සමාගමක් ක්‍රියාත්මක කිරීමට තිබිය යුතු අවම මූලික ප්‍රාග්ධන සීමාව රුපියල් බිලියන 2ක් ලෙස සංශෝධනය කළා. මෙහිදී අපට ව්‍යාපාරයේ සිටීමට නම් අපේ ප්‍රාග්ධන වර්ධනය කර ගත යුතුයි. එහිදී අපට ලැබුණු හොඳම අවස්ථාව දැනට නව ආයෝජකයකුගේ පාලනය යටතේ පවතින නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයයි.

අප මේ සමාගම සමඟ ඒකාබද්ධව අපේ ප්‍රාග්ධනය බිලිය 2.5කට වඩා ඉහළ නංවා ගැනීමට මේ වනවිට පිවර ගෙන තිබෙවා. ඊට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ද අවසරය හිමිව තිබෙනවා.“

මහ බැංකුව අනුමත කළ මෙම ක්‍රියාවලියේ පළමු කොන්දේසිය වන්නේ දැනට කැන්රිච් සමාගමේ ස්ථාවර තැන්පතු සහ පොරොන්දු නොට්ටු මත ආයෝජනය කර ඇති සියලුම මුදල් අදාළ තැන්පතුකරුවන්ට ලබා දිය යුතු බවයි. දැන් සිදුවන්නේ මෙ කටයුත්තයි . ඒනමුත් අප අපගේ මූල්‍ ව්‍යාපාරය ඉදිරියටත් මෙම ඒකාබද්ධ වීම හරහා සිදු කරගෙන යනවා. “ ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ මෑත ඉතිහාසයේ බොහෝ සමාගම්වලට සිය තැන්පතුකරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීමේ හැකියාවක් නොතිබූ බවය. එසේ වුවද දැනට පවතින තැන්පතු සම්පූර්ණයෙන් පොලී ගෙවීමේ හැකියාව සමාගමට පවතින බවත් නේෂන් ලංකා ෆිනෑන්ස් සමග එක්ව රුපියල් බිලියන 2.5ක පමණ ප්‍රාග්ධනයක් යටතේ ඉදිරියටද මූල්‍ය ව්‍යාපාරයේ කටයුතු කරන බව මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය

 

Exit mobile version