තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් වළකා ගැනීමට ජපානය හා ඇමරිකාව උත්සාහයක!

Fumio Kishida

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් හමු වූ අතර දෙපාර්ශවයම ආරක්ෂක උපායමාර්ග පිළීබඳව සාකච්ඡා කරමින් දෙරට අතර සන්ධානය ශක්තිමත් කිරීමට එකඟ වූ බව වෙබ් අඩවිය වාර්තා කරයි.

කිෂිඩා සහ බයිඩන් පැය දෙකක පමණ දීර්ඝ සංවාදයක් පැවැත්වූ අතර එහිදී ජපානය සිය ආරක්ෂක උපායමාර්ගය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති ආකාරය, ආරක්ෂක අයවැය වැඩිකිරීම් සහ ප්‍රතිප්‍රහාර සැලසුම් කිරීම ඇතුළත් ප්‍රතිසංස්කරණ සවිස්තරාත්මකව බයිඩන් වෙත දන්වා තිබේ.

මෙහිදී අගමැතිවරයා හා ජනාධිපතිවරයා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගැටුම් වළක්වා ගැනීමට ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් යළි අවධාරණය කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තායිවානය පිළිබඳ අපගේ මූලික ස්ථාවරයන් නොවෙනස්ව පවතින බව අපි අවධාරණය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත්..” යනුවෙන් ධවල මන්දිරය සිය වෙබ් අඩවියේ පළ කරන ලද ප්‍රකාශයක සඳහන් වේ.

Exit mobile version