තායිවාන ගැටලුව ගෝලීය අර්බුදයක් විය හැකියි – යුරෝපා සංගම් ප්‍රධානී

Ursula von der Leyen

මේ වන විට මතභේදයට තුඩු දී ඇති චීනය තායිවාන අර්බුදය ක්‍රමාණුකූලව වර්ධනය වීමක් සිදුවිය හැකි බවත් එය රුසියානු යුක්‍රේන යුද ගැටුමෙන් වැසී යාමට ඉඩ ඇති බවත් යුරෝපා සංගමයේ ප්‍රධානී අර්සලා වොන් ඩර් ලෙයන් පැවසුවාය.

යුරෝපීය කොමිසමේ ප්‍රධානී මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් දා පිලිපීනයේ ජනාධිපතිරයා සමග පිලිපීනයේ මැනිලා නුවර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. එහිදී යුරෝපා සංගමයේ ප්‍රධානී සහ පිලිපීන ජනාධිපතිවරයා අතර වෙළෙඳාම, ආර්ථික සහඅ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද පැවතිණි.

මෙහිදී 2017 වර්ෂයේ පිලිපීන හිටපු නායකයාගේ ක්‍රියාකළාප හේතුවෙන් ඇණ හිට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසම පිළිබදවද යුරෝපා සංගමයේ ප්‍රධානී සමඟ සාකච්ඡා කෙරිණී.


අර්සලා වොන් ඩර් ලෙයන් විසින් ගෝලීය සහ කළාපීය ආරක්ෂක සහයෝගීතාවයන් හී අවශ්‍යතාවයන් අන් කවරදාකටත් වඩා වැදගත් වී ඇති බවද අවධාරනය කරනු ලැබුවාය. එහිදී , රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් පෙන්නුම් කරන්නේ ඒකාධිපති සිය අභිමතයන් පරිදි කටයුතු කිරීමටත් එමගින් ගෝලීය වශයෙන් අවධානමක් ඇතිවිය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

“ඉන්දු-පැසිෆික් කලාපයේ නැඟී එන ආතතීන් ගැන අප සැලකිලිමත් වන්නේ එබැවිනි,” ඇය පැවසුවේ, යුරෝපා සංගමය නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයකට පිටුබලය දෙන බවත්, මන්ද බලහත්කාරයෙන් තොර ඉන්දු-පැසිෆික් කලාපයක් අපගේ සියල්ලටම ප්‍රධාන වන බැවිනි. අපගේ සාමයට සහ අපගේ ජනතාවගේ සමෘද්ධියට ස්ථාවරත්වය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඉන්දු-පැසිෆික් කලාපයේ නැඟී එන අර්බුදයන් ගැන අප සැලකිලිමත් වන්නේ එබැවිනි,” යනුවෙන්ද ඇය පැවසුවාය. “ ඉන්දු පැසිපික කළාපයේ ස්ථාවරත්වය. දැඩි අවදානමකයි තියෙන්න. එහිදී චිනය විසින් තායිවානය සම්බන්ධයේ අනුගමනය කරන පියවර දැඩි සැයක් ඇති කරනවා වගේම එය ගෝලීය වශයෙන්ද දැඩි අවදානමක් නිර්මාණය කරනන ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගැන අපි සියලුදෙනාම අවදානය යොමු කළයුතුයි. “ යනුවෙන්ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Exit mobile version