තායිවානය වට්ටන චීනයේ මනෝමූල යුද මෙහෙයුම්

තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග් චෙන් පසුගියා ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයත් එහිදී කතානායක කෙවින් මැකාර්ති හමුවීමට ප්‍රතිචාර වශයෙන් චීනය දැඩි ප්‍රවේගකාරීව හැසිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව චීනය විසින් තායිවානයට එරෙහිව මනොමූල මෙහෙයුමක් දියත් කිරීමට පියවරගෙන ඇති අතඑ එහිදී තායිවානය රජය සහ එරට වැසියන් බිය වැද්දීමට චීනය පියවර ගනිමින් සිටියි. මෙහිදී චීනය විසින් තායිවානය ආසන්න ගුවනට සිය ප්‍රහාරක යානා පිටත් කර යැවීමටද කටයුතු කර තිබිණි.

එහිදී එම ප්‍රහාරක යානා තායිවානය තමන්ට අයත් බවට පැවසෙන ගුවන් කළාපයට ඉතාම ආසන්නයෙන් පියාසර කරමින් දැඩි ප්‍රවේගකාරීව හැසිරී ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනය නාවික හමුදාවද සිය යුද නෞකා තායිවානයට අසාන්න මුහුදු කළාපයට යැමීමට කටයුතු කර ඇත.


එලෙස දියත් කර හැර තිබූ යුද නෞකා විසින් විශේෂ යුධ අභ්‍යාසයක් දියත් කර තිබු අතර ඒ සඳහා ජීව උණ්ඩු සහ අවි යොදා ගෙන තිබීම විශේෂත්වයකි. මෙම යුධ අභ්‍යාසයේ මුල් දිනයේදී චීනයේ නැගෙනහිර විධානය විසින් එච් 6 කේ උපායාමර්ගික බෝම්බ හෙලන යානා සහ වයි 20 ඉන්ධන ප්‍රහායනය කරන ගුවන්යනාද තායියවානයට නිතර දෙසින් සිය පුහුණු දියත් කර තිබිණි.

ඊළඟ දවසේ, ෂැන්ඩොං ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ජේ -15 ප්‍රහාරක යානා ප්‍රථම වරට තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය වෙත ඇතුළු විය. එමන්මම කේජේ-200 ගුවන් යානා පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානය පළමු වරට ද ඇතුළු විය. අප්‍රේල් මාසයේදී ගුවන් යානා 259 ක් ප්‍රකෝපකාරී ලෙස තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය වෙත ඇතුළු විය.

මෙය පසුගිය වසරේ අප්‍රේල් හා සසඳන විට 184ක වැඩිවීමක් වූ අතර, එය ඇත්ත වශයෙන්ම මෙතෙක් දෙවැනි ඉහළම එකතුව විය. මේ අතර එක් දිනකදී වැඩිම ගුවන් යානා උල්ලංඝනය කිරීම් සිදු වූයේ අප්‍රේල් 10 වන දින ගුවන් යානා 54ක් සමඟිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව චීනය දිගින් දිගටම තායිවානයට බලපෑම් එල්ල කරන අතර එය මේවන විට කලාපයේ ආරක්ෂක තත්ත්වයට දැඩි අභියෝගයක් එල්ල කර තිබේ.

Exit mobile version