තාත්තාගේ බත් පැකට් එකේ මත්කුඩු සඟවා 15 හැවිරිදි දුව අතේ එවලා… ඒ දරුවා අත්අඩංගුවට!

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින රැඳවියෙකුට බත් පාර්සලය තුල බහා ඉතා සූක්ෂම ලෙස මත්කුඩු පැකට් හතරක් රැගෙන එනු ලැබූ රැඳවියාගේ පහළොස් හැවිරිදි දියණිය හා තවත් අයකු අද (29) දහවල් අත්අඩංගුවට ගත් බැව් ගාල්ල බන්ධනාගාරයේ පවසයි.

මෙකී රැඳවියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින අයෙකි . රැඳවියා ට රැගෙන එනු ලැබූ කෑම පාර්සලයේ සෝයාමීට් කැබලි වල සඟවා ඉතා සූක්ෂම ලෙස කුඩා ප්‍රමාණය මත්කුඩු පැකට් හතරක් රැගෙන විත් ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම කෑම පාර්සලය පරික්ෂා කිරීමේදී සෝයාමීට් කැබලි වල සඟවා තිබියදී මෙම මත්කුඩු පැකට් හතර හමුවී ඇත. කෑම පාර්සලය රැගෙන එනු ලැබූ රැඳවියාගේ දියණිය හා ඇය සමග පැමිණි පුද්ගලයා බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොවුන් දෙදෙනා මත්කුඩු සමග ගාල්ල පොලිසියට භාරදීමට නියමිතව තිබුණි .

Exit mobile version