ත්‍රී රොද රථ වෘත්තිකයන්ගෙන් රන්ජන්ට විරෝධය…

මලමිනී  උඩින් දේශපාලනය කරන්න එපා... විරෝධය පෑ අය කියති...

ඝාතනය කරන ලද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ගේ මලමිනිය මතින් දේශපාලනය කර මනාපයක් එකතුකර ගන්න මධ්‍ය සාකච්ඡාවට පැමිණියා යැයි පැමිණ සිටි පිරිසගෙන් චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නිරුත්තරව බලා සිටින්නට සිදුවිය.

රන්ජන් රාමනායක මේ ගැටලුවට මුහුණ දුන්නේ ඊයේ (12) දින සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට සම්බන්ද වෘත්තිය සමිති විසින් කොළඹ දී පැවැත් වූ මාධය සාකච්ඡාවට පැමිණ එහි අසුන්ගෙන සිටි අවස්ථාවේ දී ය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානයකරන ලද්දේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසිනි.


සිද්ධියට සම්බන්ධ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව රන්ජන් රාමානායකට දැන ගැනීමට ලැබී තිබුණේ ඔහුගේ මිතුරෙකු මාර්ගයෙනි. අනතුරුව රන්ජන් විසින් මාධ්‍ය හමුව සංවිධානය කළ රංජිත් විතානගේව දුරකථනයෙන් විමසා සම්බන්ධ කරගෙන තමන්ට පැමිණිය හැකිදැයි විමසා ඇත. ඔහු එම ස්ථානයට පැමිණ තිබුනේ රංජිත් විතානගේ ලබා දුන් අනුමැතියත් සමගය.

මධ්‍ය හමුවට ත්‍රිරෝද රථ වෘත්තීය සමිති 10ක පමණ නායකයින් හා නියෝජිතයින් පැමිණ තිබිණි. රංජන්ගේ පැමිණීම ඔවුන් දුටුවේ ප්‍රශ්නකාරී ලෙසිනි.  ඔවුන් සිටියේ රන්ජන් පැමිණ සිටියේ සිය වෘත්තීය සමිති සගයාගේ මලමිනිය මතින් දේශපාලනය කරන්නට යන අදහසකය.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වී වෘත්තීය සමිති නායකයන් තිදෙනෙක් සභාව ඇමතූ පසු රන්ජන් රාමානායකට මාධ්‍ය සාකච්ඡාව ඇමතීමේ අවස්ථාව ලැබිණි. ඔහු මාධ්‍ය සාකච්ඡාව සඳහා හිඳගන්නවාත් සමගම එහි සිටි වෘත්තීය සමිති සාමාජිකයෙක් නැගී සිට විමසුවේ “ ඔබට කව්ද ආරාධනා කළේ… මෙතන ඉන්නේ ත්‍රීවිල් රථ රියදුරන්. ඒ අය වෙනුවෙන් හඬ නගන අය. ඔයා ත්‍රීවිලර් එකකවත් ගිහින් තියනව ද?. ඔයාට කිසිම අයිතිියක් නෑ මේකට එන්න. මලමිනී විකුණගෙන දේශපාලනය කරන්න එපා. මේ වැඩේ කරන්න ඉඩ දෙන්න බෑ… කරුණාකර මෙතැනින් යන්න“ යැයි දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

ඔහුගේ ප්‍රකාශ සමග රන්ජන් අසුනෙන් නැගිට අත් දෙක බැඳගෙන ඔහු දෙස බලා සිටියේය. ඒ අවස්ථාවේ නැගී සිටි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ස‍භාපති රංජිත් විතානගේ නැගී සිට කීවේ මන්ත්‍රීවරයාට ආරාධනා කළේ තමන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාව ඒ සමග එකම ගාලගෝට්ටියක් විය. රන්ජන්ට එරෙහිව හඬ නැගූ වෘත්තිය සමිති සාමාජිකයන් ශාලාවෙන් පිටව ගිය පසු රන්ජන් මාධ්‍ය හමුව ඇමතීය.

Exit mobile version