ත්‍රී මලේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට අවුරුදු 04ක දී කෝටි 100ක් ලැබිලා…

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම් කරුවෙක් කෝටි ගණන් මුදල් බැර කරලා... ගිණුම අත්හිටුවා පොලිස් පරීක්ෂණ අරඹයි...

කීර්ති ප්‍රනාන්දු –

ඉස්ලාමීය අන්තවාදී  සංවිධානයකට රුපියල් කෝටි 100කට අදික මුදල් ප්‍රමාණයක් වසර 04ක කාලයක් තුළ දී බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ත්‍රී කුණාමලය  ප්‍රදේශය තුළ පවත්වාගෙන යන  මෙම මුස්ලිම් අන්තවාදී  සංවිධානයට අයත් මෙම ගිනුම මේ වනවිට අධිකරණය මගින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි 04කට අධික මුදලක් තිබී  ඇති එම ගිනුම අත්හිටුවන අවස්ථාව වන විට එහි තිබී ඇත්තේ රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් පමණක් බව පොලිසිය කියයි.


මෙම සංවිධානය සුබසාධන සංවිධානයක් ලෙස වර්ෂ 2013 දී  රජයේ ලියාපදිංචි කර ඇති බව  පොලිසිය කියයි.

ඉන්පසු වර්ෂ 2017 සිට එම සංවිධානයට කෝටි 100ක පමණ මුදලක් වරින් වර ලැබී ඇති බවද පොලිසිය පවසයි.

මේ එම ගිනුමට බැරවන මුදල් එම ගිනුමෙන් පසු දිනවලම ඉවත් කරගෙන ඇති බවටද එම ගිනුම පරීක්ෂාවේදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විමර්ශනවලට අනුව ඩුබායි රජයේ සැඟවී සිටින  ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන පානදුරේ රහීම් නැමැති අය විසින් ද මෙම ගිණුමට රුපියල් කෝටි ගණනක් බැර කර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Exit mobile version