ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික ගැන බලශක්ති ඇමති කියන කතාව…

ඉන්දියාවට ලබා දී තිබූ තෙල් ටැංකි යළි ලබා ගැනීමට කටයුතු කරන බවත් එම තෙල් ටැංකි කළමනාකරණය සඳහා තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් පිහිටුවීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

බ්‍රිතාන්‍යයන් ඉදිකළ තෙල් ටැංකි 99න් 15ක්   ඉන්දියානු තෙල් සමාගම සතුව පැවතිනි. මෙම තෙල් ටැංකි යළි රජයට ලබාගෙන සමස්ථය කළමනාකරණය කිරීම  සඳහා ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් නමින්  සමාගමක් දැනටමත් පිහිටුවා ඇතැයි ඇමතිවරයා කීවේය.

තෙල් ටැංකි කළමනාකරණය සඳහා පවත්වන සාකච්ඡා තවමත් අවසන් වී නැති බවත්, එය අවසන් වූ වහාම ඒ පිළිබඳව රටට ප්‍රකාශයක් කරන බවත් අමාත්‍යවරයා මාධ්‍යයට  පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමග  මසක් ඇතුළත ගිවිසුම්ගතවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ද හින්දු පුවත් පත වාර්තා කර තිබිණි.

Exit mobile version