ත්‍රී විල් ගාස්තු වැඩිවෙයි… අවම බස් ගාස්තුව හෙට සිට 40 ක් කරන්නැයි ඉල්ලයි…

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ත්‍රී රෝද රථවල පළමු කිලෝමීටරය සඳහා  මේ වනවිට අය කරන රුපියල් 100 ගාස්තුව වෙනස් නොවන නමුත් දෙවැනි කිලෝ මීටරයේ සිට ගාස්තුව රුපියල් 80 සිට 90 තෙක් ඉහළ දැමීමට  තීරණය කළ බව සමස්ථ ලංකා ත්‍රී රෝද රථ  රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන ප්‍රකාශ කළේය.

කොළඹ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියේ පෙට්‍රල් මිල ඉහළ ගිය ද අයාලේ ගාස්තු  අයනොකරන ලෙසය.

මේ අතර මේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග අවම බස් බස්ගාස්තුව  හෙට සිට සියට 35- 40 දක්වා  ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මාධ්‍යයට පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු  ප්‍රකාශ කළේ අවම බස් ගාස්තුව රුපියල් 40 තෙක් ඉහළ නන්වන ආකාරයට බස් ගාස්තු සංශෝධනයක් නොවන්නේ නම් හෙට දහවල් 12 සිට  බස් ධාවනයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බවය.


Exit mobile version