ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් මේ වනවිටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පවසයි.
මේ භට පිරිස් දියත් කළ මානුෂීය මෙහෙයුම් හරහා විපතට පත් පුද්ගලයින් 31,057ක් මුදවාගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
ආපදාව සිදුවූ මොහොතේ සිට සිය ජීවිත අවදානම ද නොතකා සැඩ ගංවතුරේ මෙන්ම කඩා හැලෙන අවදානම් සහිත පස් කඳු අතර දුෂ්කර මෙහෙයුමක යුද හමුදාව නිරත වූයේය. ලඟා විය නොහැකි ස්ථානවලට මුලින්ම ලඟා වූ කණ්ඩායම වූයේ යුද හමුදාවය.
නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව ද ජීවිත පරිත්‍යාග සහිතව ස්වකීය සේවය රට වෙනුවෙන් මේ වනවිටත් ඉටු කරමින් සිටිති.







