තව සති තුනක් ගෑස් පෝලිම්වල ඉන්න වේවි… ලිට්‍රෝ සභාපති කියයි!

THISERA-JAYASINGHE

පෝලිමේ නොසිට ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට තව සති තුනක්වත් ගතවන බව ලිට්‍රෝ සභාපති තෙසාර ජයසිංහ පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ මේ වනවිට ප්‍රමිති ආයතනය විසින් ලබා දී ඇති ප්‍රමිතිය සහතික කරමින් ඉතාම ගුණාත්මක මට්ටමේ ගෑස් සිලින්ඩරයක් ලබා දීම සඳහා මෙම කාලය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද ප්‍රකාශ කළේය.


“දෛනිකව සිලින්ඩර ඒකක  හතලිස් දහසකට වඩා දැන් වෙළෙඳපලට නිකුත් කරනවා.  පහුගිය දින කීපය තුළ පමණක්  අපි ගෑස් සිලින්ඩර ඒකක ලක්ෂ තුනහමාරක් වෙළෙඳ පලට නිකුත් කළා. ඉදිරි දින තුන තුළ ගෑස් සිලින්ඩර එක්ලක්ෂ අසූ දහසකට වඩා නිකුත් කිරීමට කටයුතු කරනවා.“

“ඇත්තටම අපි ලඟ දවස් 10කට ප්‍රමාණවත් ගෑස් සංචිතගත කරලා තිබ්බා නියෝජිතයන් හරහා. පැවති තත්වය යටතේ මේ සිල්ල අපට කැඳවා ගැනීමට සිද්ධ වුණා. උත්සව සමයක මේ වගේ නැවත සංචිත කැඳවා ගැනීමක් සිද්ධවුනාම ඒ තුළ වෙළෙඳපල විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ වගේම පහුගිය සති කීපයක් මුලුල්ලේ ජනතාව අඩුවෙන් ගෑස් මිලදී ගත්තා. ඒ තත්වය තුළ එකවරම ගෑස් පිළිබඳ  අවශ්‍යතාවය වැඩි වුණා. “

“අලුතෙන් හඳුන්වා දුන්න නිශ්පාදන ක්‍රියාවලියත් එක්ක ලිට්‍රෝ සමාගම වශයෙන් අපි සියයට සීයක්ම ප්‍රමිතිකරණයෙන් යුතු ගෑස් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ අපේ ප්‍රමිතිය මදකින් හෝ අඩු කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවෙනවා. ජනතාවට අවශ්‍ය ගෑස් වෙළෙඳපලට නිකුත් කරන්න උත්සාහ කළත් වෙළෙඳපල තියන මේ අවශ්‍යතාවය නිසා ප්‍රමාණවත් නොවීම කියන කාරණාව  ජනතාව මේ වනවිට අත්දකිමින් පවතිනවා.“

“ ප්‍රමිතිකරණය ආයතනනය විසින් ප්‍රමිතිය ලබා දීලා තියනවා. ඒ  රෙගුලාසිවලට අනුව ගරු අධිකරණය හා නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඉහළම ප්‍රමිතියක් සහිත ගෑස්   ලබා දීම නොපිරිහෙළා ඉටු ඉටු කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට යම් කාලයක් ලබා දෙන්න.  ඒ කාලය තුළ සභාපතිවරයා ලෙස මට  පුලුවන් සහතික වෙන්න ඔබට ඉතාම හොඳ මට්ටමේ ගෑස් සිලින්ඩරයක් ලබා දෙනවා කියලා.“

Exit mobile version