තවත් සුළි කුණාටුවක ලකුණු… ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි…

වැසි, තද වැසි හෝ ඉතා ප්‍රහාරාත්මක සුළං සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල  ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

05N-12N සහ 82E-92E අතර මුහුදු ප්‍රදේශවල  මේ තත්වය ඇතිවන බව ධීවර හා නාවික ප්‍රජාවට දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඉදිි පැය 06 තුළ පීඩන අවපාතයක් බවට පත්ව පැය 12ක් තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දැනට ත්‍රී කුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590ක් දුර ස්ථානයක ස්ථානගතව ඇති මෙම පද්ධතිය  බටහිර දෙසට නැඹුරුව වයඹ දෙසට ගමන් කර හෙට මඩකලපුව හා මුලතිව් අතරින් ලංකාවේ නැගෙනහිර වෙරළට  ලඟා විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.

Exit mobile version