තවත් සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකයට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද දෑසන කටයුනායක ගුවන් තොටුපලින් මෙරටට රැගෙන විත් තිබේ.

අද උදෑසන 9.20 ට කටුනායක ගුවන්තොටුපලට ලඟා වූ යූ.එල්.1869 දරන ශ්‍රී ලංකන් ගුවනක් භාණ්ඩ ප්‍රවාහන යානයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් රැගෙන විත් තිබේ.

ඉන් අනෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 අද උදෑසන 9.30ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ මෙම එන්නත් මාත්‍රා තොගය සයිනොෆාම් මළම මාත්‍රාව ලබාගෙන සිටි පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව සඳහා යොදා ගන්නා බවය.

Exit mobile version