තවත් නගර ගණනක කඩ සාප්පු වසා දැමේ…

“ලොක්ඩවුන්“ නොවන රටක “ෂට්ඩවුන්“ වෙන මිනිස්සු...

වේයන්ගොඩ නගරය

කිර්ති ප්‍රනාන්දු –

පවතින තත්වය හමුවේ තවත් නගර හයක් මුළුමනින්ම වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

අම්බලන්තොට, මාතලේ, පලාබත්තල, බලංගොඩ ත්‍රී කුණාමලය වෙළෙඳ සංගම් මේ වනවිට නගර වසා දමන්නට තීරණය කර තිබේ. ඇඹිලිපිටිය නගර සභාව විසින් නගරය තුළ කෙව්ඩ් ආසාදිත කඩ 18ක් වසා දැමීමෙන් පසු අනෙක් වෙළෙඳසල්වලින් ද ඉල්ලීම් කර ඇත්තේ එම වෙළෙඳසල් වසා දමන ලෙසයි.

දිවුලපිටිය නගරය අද රාත්‍රියේ සිට වසා දැමීමට නියමිතය. මිනුවන්ගොඩ නගරය වසා දැමීම සම්බන්ධව වෙළෙඳ සංගම් සාකච්ඡා කරමින් සිටිති.

මේ වනවිට කැකිරාව, මරදගහමුල, ගම්පහ, වේයන්ගොඩ නගර වසා දමා තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේයන්ගොඩ නගරය

 

Exit mobile version