තවත් ජනපති සහෝදරයෙක් ඊළඟ ජනාධිපතිවරණයට!

2024 වසරේ පැවැතිවීමට නියමිත ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයකු ගේ සහෝදරයකු සූදානම් වෙමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

මේ වනවිටත් රට තුළ ප්‍රසිද්ධියක් ඇති කරගෙන සිටින මෙම දේශපාලන සහෝදරයා සමාජ මාධ්‍ය හරහා තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා දක්ෂ සමාජ මාධ්‍යකරුවන් සමඟ සම්බන්ධ වීමට සැලසුම් කර ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ වනවිටත් දේශපාලන පක්ෂ සියල්ල සමඟ හිතවත්කමක් ගොඩ නගාගෙන ඇති මෙම පුද්ගලයා කවර සන්ධානයක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳව තීරණය කර නැතත් ඔහු මේ සම්බන්ධයෙන් තම සමීපතයින් සමඟ සාකච්ඡා කර ඇති අතර ඇතැම් හිතවතුන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් ද කර ඇති බව සඳහන් වේ.


තමන් නිරත ක්ෂේත්‍රය තුළ මේ වනවිට අත්කරගෙන ඇති සාර්ථකත්වය මත අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායයික සැලසුම් ජය ගැනීමට ඔහුට පවතින හැකියාව මත තම හිතවතුන් තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇතැයි ඔහු තම හිතවතුන් වෙත ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

ඔහුට අනන්‍ය වූ ජාලයක් රට පුරා නිර්මාණය කර ගැනීමට මේ වනවිට කටයුතු කරන අතර ඊට විශ්ව විද්‍යාල ප්‍රජාව සමඟද සමීප සම්බන්ධතාවක් නිර්මාණය කර ගෙන ඇති අතර විවිධ විද්වතුන් තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමටත් තම ප්‍රචාරණය සඳහා විශාල මුදලක් වියදම් කිරීමටත් ඔහු අපේක්ෂා කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයකුටද පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස දේශපාලන නායකයන් වෙතින්   යෝජනා ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට කීවේය.

Exit mobile version