තවත් ගෑස් ගිනි ගැනීම් දෙකක්… ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ ගැටලුව දුර යන ලකුණු…

Gas-Blast

තවත් ගෑස් පිපිරීම් දෙකක් කෑගල්ල හා පුත්තලම ආරච්චිකට්ටුවෙන් අද වාර්තා  වී තිබේ.

කෑගල්ල රොක්හිල් කහටපිටිය ප්‍රදේශයේ නිවසක අද උදෑසන විශාල පිපිරුමක් සහිතව ගිනි ගැනීමක් වාර්තා වී තිබේ. ලිප පුපුරාගොස් එහි කැබලි මුළුතැන්ගේ පුරා විසිරී ගොස් තිබුණු අයුරු නිවෙස් හිමිකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

අනෙක් පිපිරීම වාර්තා වී ඇත්තේ පුත්තලම ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව ප්‍රදේශයේ නිවසකිනි.


නිවැසියා වෙළෙඳසලෙන් ලබා ගත් ගෑස් සිලින්ඩරය ලිපට  සවි කිරීමට යෑමේ දී අද පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය වාර්තා කළේය.

මේ සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තුවේ විශාල සංවාදයක් ඇති වූ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් සම්බන්ධව කිසිම ගැටලුවක් නැති බවත් මේ පිළිබඳව වැඩිමනත් තහවුරු කරගැනීම සඳහා ගෑස් සංයුතිය පරීක්ෂා කිරීමට රසායනාගාර දෙකක් වෙත සාම්පල යොමු කර ඇති බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට මේ පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version