තවත් කොවිඩ් මරණ 07 ක්… මුළු මරණ ගණන 137යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොඩිඩ් මරණ 07ක් වාර්තා කළේය. ඒ අනුව අදට ලංකාවෙන් වාර්තාවන මුළු කොවඩ් මරණ ගණන 137කි.

මිය ගිය 07 දෙනා  අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් විය. ඒක රැඳවියෙක් 53 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය 01 දා මියගොස් තිබිණි. මරණයට හේතුව ලෙස පවසන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වය ය. අනෙක් තැනැත්තා 63 හැවිරිදි පුද්ගලයෙකි. වැලිකඩ බන්ධනාගාර රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවය.

හත් දෙනාගෙන් තිදෙනෙක් මිය ගොස් ඇත්තෙ නිවෙස් තුළය. බණ්ඩාරගම ප්‍රදේශයේ 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා 81 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක් මෙසේ නිවෙස්තු තුළම මිය ගොස් ඇත.


දෙමටගොඩ  54 හැවිරිදි කාන්තාවක් සහ වැල්ලම්පිටියේ   62 හැවිරිදි කාන්තාවක් අයිඩීඑච් රෝහලේ දී මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේ දක්වා ඇත

Exit mobile version