තවත් කොවිඩ් මරණ 04ක්… මුළු මරණ ගණන 94යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ්  මරණ හතරක් වාර්තා කළේය. මියගිය අයෙක් ගිනිගත්හේනේ පදිංචි  74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු බන්ධනාගාර රැඳවියෙකි. බන්ධනාගාර රෝහලෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියේය. කොව්‍ඩ් 19 ආසාදනය වීමත් සමග ඇති වූ පාචන තත්වයක් නිසා බහු අවයව අක්‍රීය වීමෙන් මරණය සිදු වී ඇති බව වාර්තා විය. තවද කොළඹ 15 අවුරුදු 73 කාන්තාවක් හෝමාගම මූලක රෝහලේ දී කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත. මෙම මරණ දෙකම සිදුවන්නේ කොළඹ බල ප්‍රදේශය තුළ ජීවත් වෙමින් සිටිය දීය.

සියඹලාපේ දකුණ ප්‍රදේශයේ 56  හැවිරිදි පුද්ගලයෙක් හා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇත. මේ මරණ හතරත් සමග ලංකාවේ සමස්ථ මරණ සංඛ්‍යාව 94ක් බවට පත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version