තවත් ආසාදිතයන් 259ක්… අද දවස තුළ 309යි… පෑලියගොඩ මාළු මාර්කට් එකෙන් 193යි…

අද (22) රාත්‍රී 10.20 පමණ වනවිට තවත් කවොඩ් ආසාදිතයන් 259ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අමතරව පැතිරී යන පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් පොකුර සංකීර්ණ වන අයුරු වාර්තා වුනේය. මේ වාර්තාවන 259න් 187ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තා වන ආසාදිතයන්ය.

නිරෝධායන කඳවුරුවලින් වාර්තාව වන්නේ දෙදෙනෙකි. ඉතිරි 257ම සමාජයෙන්ය. මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 75ක් ඒ අතරය.


සවස 3.30 පමණ වන විට ආසාදිතයන් 50 දෙනෙක් වාර්තා විය. ඉන් 22ක් නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් දෙකක සේවිකාවන්ය.  පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආසාදිතයන් 06 දෙනෙක් විය. මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 22ක් වූයේය.

මේ පනස් දෙනාම හමුවූයේ සමාජයෙනි.

අද දවස තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 309ක් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමස්ත ආසාදිතයන් ගණන 2817ක් විය.

 

 

Exit mobile version