තලේබාන් සංවිධානය පාකිස්ථානයෙන් එල්ල විය හැකි අනතුරුක් ගැන සීරුවෙන්

Pakistan

ඉතිහාසයේ පළමු වරට තලේබාන් සංවිධානය විසින් තමන්ට පාකිස්ථානයෙන් තර්ජනයන් එල්ල විය හැකි බවට වාර්තා කර ඇති බවට අනාවරණය වේ.

ස්වාධීන මාධවේදියෙකු වන බිලාල් සර්වාරි පවසන අන්තමට තමන්ට දැක ගැනීමට හැකිවූ තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර සන්නිවේදන වාර්තාවක් මගින් මේ අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තබේ.

″තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර සින්නිවේදන වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය විසින් පවත්වාගෙන යන ඇතැම් පුහුණු කඳවුරු මගින් තලේබාන් සංවිධානයට තර්ජනයක් එල්ල විය හැකි බවයි. තලේබාන් සංවිධානය මෙවැනි දෙයක් සම්බන්ධයෙසන් සාකච්ඡා කරපු පළමු අවස්ථාවද මෙයයි.″ යනුවෙන් සර්වාරි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබණි.


පාකිස්ථානය සහ තලේබාන් සංවිධනාය අතර සම්බන්ධතා මේවන විට මදත් රළු වී ඇති අතර එහිදී තලේබාන් සංවිධානය විසිස් තමන්ට පාකිස්ථානයෙන් තර්ජනයක් එල්ලවිය හැකි බවට අපකේෂා කරන අතරම පාකිස්ථානයට තලේබාන් සංවිධානයට සහය පළකිරීම හේතුවෙන් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුව තිබේ.

මේ අතර 2021 වර්ෂයේදී තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගත් අවස්ථාවෙීද එවකට පාකිස්ථාන අග්‍රාමත්‍යවරයාව සිටි ඉම්රාන් ඛාන් එයට ප්‍රශංසා කළ අතර එය වහල්භාවේ විලංගු බිඳ දැමීමක් බවට හඳුන්වා දෙමිනුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමනේ පසුව පාකිස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සියයට පනහකින් ඉහළ ගොස් ඇත බවත් එය පාකිස්ථානයේ අභ්‍යන්තර සුරක්ෂිත භාවයට තර්ජනයක් ව ඇති බවට නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version