තලිබාන් මරණයෙන් ගැලවී අඩි 30000ක ගුවනේ දී ජීවිතය දුටු ඇෆ්ගන් සිඟිත්තිය – හවා

අම්මයි... දුවයි...

ඇෆ්ගන් තලිබාන් පාලනනය ඉදිරියේ රටින් පලා යන ඇෆ්ගන් කාන්තාවක් ඊයේ  (28) අඩි තිස්දාහක් ඉහළ  ගුවනේ දී දරු ප්‍රසූතියක් කළ ආකාරය විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ම

සෝමන් නූරි නම් වූ මේ 26 හැවිරිදි  ගැබිණි මව යානයට ගොඩ වී තිබුණේ ජීවිතය පමණක් සහිතව බර්මින්හැම් බලා ගමන් කරන්නටය. ඇයත් සමග ඇයගේ තිස් හැවිරිදි ස්වාමිපුරුෂයා හා දෙදරුවෝ වූහ.

තුර්කි ගුවන් සේවයට අයත් යානයේ වෛද්‍යවරයෙක් නැත. යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින් හැම් දක්වා ගමන් කරමින් ඇත. මේ අතර තුර ඉහළ ගුවනේ දී  තරුණ මවට විලි රුදාව ඇති වූයේය.


පැංචිට ජීවිතය දුන් ගුවන් කාර්ය මණ්ඩලය

බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන්තොටුපල  හරහා ඉවත් කරගනු ලැබ මෙම කාන්තාව  අඩි 30000ක් උඩ අහසේ දී මෙම දරු ප්‍රසූතිය සිදුකර තිබුණේ එංගලන්තයේ බර්මින්හැම් වෙත යන අතරතුර දී ය.

අසීරු මෙහොතකි.  වහාම ගුවන් කාර්ය මණ්ඩලය මේ ඉදිරිපත් වූයේය. අවශ්‍ය පහසුකම් ගුවනේ දී සැපයිනි.  අවසානයේ  දී මේ 26 හැවිරිදි යොවුන් මවගේ ජීවිතය බේරාගෙන පැටියාට  ජීවිතය දෙන්නට ගුවන් කාර්ය මණ්ඩලයට හැකි විය.

දරු ප්‍රසූතියෙන් අනතුරුව යානය ඩුබායි ගුවන්තොටුපලේ නතර කෙරිනි. සන්ධ්‍යා කාලයේ ඉහළ ගුවනේ දී සිදු වූ මෙම දරු ප්‍රසූතියෙන් ලෝකයේ එළිය දුටු දියණියට අපූරු නමක් තබා තිබිණි.

ඒ හවා ය.

හවා යන්නේ තේරුම මනරම් සැන්දෑවය. මේ වනවිට හවා සිය මවත් සොයුරු සොයුරියන් හා පියාත් සමග සුවයෙන්ය.

විදෙස් වාර්තා ඒ ගැන සඳහන් කර තිබුණේය.

සෝමන් නූරි සතියක් තුළ ගුවනේ දී දරු ප්‍රසූතිය කළ දෙවන කාන්තාවය.  පසුගිය 23 දා ඇමරිකානු ගැලවීමේ හමුදා ගුවන් යානයක් තුළ කාන්තාවක් තවත් ගැහැණු  දරුවෙක් ප්‍රසුත කළාය.  එක්සත් ජනපද ගුවන් හමුදාව පැවසුවේ මෙම ඇෆ්ගන් කාන්තාව ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් කඳවුර වෙත රැගෙන යමින් සිටිය දී යානය තුළ දරු ප්‍රසූතිය සිදු වූ බවය.  යානය නැවැත් වූ පසු වෛද්‍යවරු යානයට ගොඩ වී දරුවා ප්‍රසූත කිරීමට ඒ මවට අවශ්‍ය වෛද්‍ය ආධාර කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය දරුවා ප්‍රසූත කළේ C-17 වර්ගයේ ඇමරිකානු යුද  ගුවන් යානයක් තුළය. ඇයත් දරුවාත් නීරෝගී බව විදෙස් මාධ්‍ය කීවේය.

 

Exit mobile version