ඇමරිකානු හඩ නිහඩ කළාට තලේබාන්වරැන්ට තෑග්ගක්

අමෙරිකානු හඬ (VOA) ප්‍රවෘත්ති වැඩසටහන් විකාශය කිරීම තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පෞද්ගලික රූපවාහිනී මධ්‍යස්ථානවලට තහනම් කිරීමෙන් දිනකට පසු එක්සත් ජනපද රජයේ අරමුදල් සපයන ප්‍රවෘත්ති ඒජන්සිය විසින් සෘජුවම නිවෙස් වෙත බෙදාහරින 24/7 චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර තිබේ.

මෙම නාළිකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම භාෂාවන් වන Pashto සහ Dari යන භාෂා දෙකෙන්ම වාරණය නොකළ පුවත් සහ තොරතුරු රැගෙන එන බව ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

නව වොයිස් ඔෆ් ඇමරිකා චන්ද්‍රිකා නාළිකාවේ අන්තර්ගතයන් අතරට පැරණි නාලිකාවේ ජනප්‍රියව තිබූ “TV Ashna” ප්‍රවෘත්ති විකාශය, එහි කාන්තා වැඩසටහන වන “Etesal,” නරඹන්නන්ගේ ඇමතුම් වැඩසටහන් සහ Radio Free Europe/Radio Liberty හි Azadi ගුවන් විදුලියේ වැඩසටහන් ආදි වැඩසටහන් රැසක්ම ඇතුළත් කර ඇති බව පැවසේ.
ඇෆ්ගනිස්තානයේ දේශීය නාලිකාවලට සංගීත වැඩසටහන් විකාශනය කළ නොහැකි නිසා එම රික්තය පිරවීම සඳහා විනෝදාස්වාද සංදර්ශන ඇතුළු අමතර වැඩසටහන් ද විකාශය කිරීමට මෙම නාලිකාව විසින් සැලසුම් කර ඇතැයි සඳහන් වේ.


කාන්තාවන්ට පිරිමින් සමඟ සජීවිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තහනම් කිරීම ඇතුළුව තලේබාන් විවේචනය කෙරෙන ප්‍රවෘත්ති අන්තර්ගතයන් වාරණය කිරීමේ පුළුල් කොටසක් ලෙස තලෙයිබාන් සංවිධානය පසුගිය මාර්තු 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වොයිස් ඔෆ් ඇමරිකා හි වැඩසටහන් ඇෆ්ගනිස්ථාන අනුබද්ධිත රූපවාහිනි නාළිකාවලින් ඉවත් කිරීමට නියෝග කරනු ලැබීය.

“ඇෆ්ගනිස්ථානය දැන් ලෝකයේ වඩාත්ම මර්දනකාරී මාධ්‍ය වෙළඳ පොළක්” යැ‍යි වොයිස් ඔෆ් ඇමරිකාහි වැඩ බලන අධ්‍යක්ෂ යොලන්ඩා ලෝපස් නව දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාධ්‍ය නිදහස අවසන් කිරීමට තලෙයිබාන් සංවිධානයේ උත්සාහය නොතකා වොයිස් ඔෆ් ඇමරිකා ප්‍රවෘත්ති විශ්වසනීය සහ බලයලත් ප්‍රවෘත්ති සහ තොරතුරු සමඟින් එහි ඇෆ්ගන් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටින බව වොයිස් ඔෆ් ඇමරිකා නාළිකාව වැඩිදුරටත් පවසා ඇත.

Exit mobile version